
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.
ලෝකයේ ඕනෑම රටක සිට ජංගම දුරකථන යෙදුම් හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කළ හැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් ළඟ කඩේ ගෑස් වෙනද වගේ තියෙනවා නං මොන බම්බුවටටද ඇප් ?
ඩොලර් හිඟා කන්න තව මගඩියක්
බොරු වැඩ, ඩොලර් කෙසේ වෙතත් අඩුගානේ ඇප් එකට වියදම් වුන සල්ලිවත් කවර් කරගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.
වැඩේ හොඳයි. ඒත් ඇප් එක අන්ජබජල්. ඇප් එකේ ලියාපදිංචි වෙන්න පාස් කෝ එක එවන්නෙ දුරකතන අංකයට විතරයි. නමුත් පිට රටක දුරකතන අංකයක් යොදන්න බැහැ. ඒ් නිසා පිට රටක ඉන්න කෙනෙකුට ලියාපදිංචි වෙන්න බැහැ. විද්‍යුත් ලිපිනයට මුර පදය එව්වනම්? නැතිනම් රටෙ කන්ට්‍රි කෝඩ් එක යොදන්න තවත් පෙලක් ඉඩ ඇරියනම්? එහෙම උනානම් අපිත් ලංකාවෙ දන්න හැමෝම ගස් යවනව.