
(අංජුල මහික වීරරත්න)
ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ තිබෙි.
“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර නිල හමුව බීජිං නුවරදී අද (17) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවට එළඹිණි.
ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා ගැන ලංකාව, පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක්
Rata Perata Tuesday, 17 October 2023 06:58 PM
දෙන්නම් රටවල් දෙකම කාලා නේ තියෙන්නේ .දනින් වැටිලා චීනෙන් තව ණය ටිකක් ඉල්ලාගෙන එන්න .ඔච්චර තමයි කරන්න පුළුවන්
බද්රානි Tuesday, 17 October 2023 10:00 PM
වර්තමානයේ ලෝකයේ රටවල් අතුරින් අඥාන හා අන්ත මෝඩ ජනතාවක් වෙසෙන ප්‍රධාන රටවල් දෙකෙහි නායකයින් දෙපොළක් එකට හමුවූ මොහොතක්.... ඒ රටවල බුද්ධිමත් න්මයකයින් ඒ ගොල්ලෝ ගැන බලා ගනීවි.. මේ කොහෙවත් යන තක්කඩි තමන්ගේ රටේ දේවල් පැත්තකින් තියලා අනුන්ගේ කුණු හොයන හැටි විතරක්!!!