IMG-LOGO

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

(නිමල කොඩිතුවක්කු)

ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදකයන්ගෙන් 75% ක් පමණ ඩීසල්, දර සහ විදුලිය භාවිතා කිරීම මෙයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඩොලරයේ අගය  පහත වැටීමට සාපේක්ෂව තිරිගු පිටි, මගරින්, ඊස්ට් සහ බිත්තර මිල ආදිය අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

ඩොලරයේ අගය ඉහළ යන බව පවසමින් තිරිඟු පිටි ඇතුලු ද්‍රව්‍ය මිළ ඉහළ දැමු ආකාරයටම ඩොලරයේ අගය පහළ යනවිටද ඒවායේ මිල අඩු කරන්නැයි එම සමාගම්වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.



අදහස් (3)

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

සුරංගොඩ Thursday, 08 June 2023 06:22 AM

ඉන්ධන මිල බහිනකොට කියනවා අපි පාවිච්චියට ගන්නෙ ගෑස් කියලා ගෑස් අඩුවෙනකොට කියනවා ඩීසල් කියලා බක්කරේලා සියයට 75 එහෙම වුනාට 25 ක් එහෙම නැහැ ඉතින් ඒ සියයට 25 ට අඩුකරන්න පුළුවන් නේද ඔහොම කලාම සියයට විසිපහක පිරිසක් අධික ලාභයක් ගන්නවා කියලා පේනවා කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි උන්නැහේ

:       0       4

සක්‍රයා Thursday, 08 June 2023 07:32 AM

ලංකාවේ නැග්ගොත් බහින්නේ අහවල් එක විතරද මන්දා.....

:       0       4

duminda Thursday, 08 June 2023 09:29 AM

මුන්ට ගෑස් අඩු කලොත් විඩුලියෙන් උයනව, විදුලිය අඩු කලොත් ගෑස් වලින් උයනව, ඔය දෙකම අඩු කලොත් දර වලින් උයනව, ඔක්කොම අඩු කලොත් මුන්ගෙ අත පය දාල තමා පාන් පුච්චන්නෙ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site