IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගොවීහු වී අලෙවි මණ්ඩලයට පස්ස හරවති

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කර ඇතත්  දකුණු පළාතේ හැර අනෙක් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන්  වී අලෙවි මණ්ඩලයට වී නොදෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

රජය විසින්  පනවන ලද උපරිම මිල යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබෙන නමුත්  දැනට වෙළෙදපොලේ වී මිල 110-115 බැගින් ඉහල ගොස් ඇති නිසා රජයේ සහතික මිලට වී අලෙවි කිරීමට ගොවීන්  ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඉද්දමල්ගොඩ මහතා කීය.

සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක් බැගින්  විවෘත කර ඇතත් හම්බන්තොට හැර අනෙක් කිසිදු ගබඩාවකට මේ වන තෙක් වී ඇටයක් හෝ ලැබී නැති බව සභාපතිවරයා සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රතු නාඩු වී මිල දී ගැනීම ආරම්භ කළ නිසා ඊයේ (12) වී කිලෝ ග්‍රෑම් 75,000ක්  වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇත.

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය.

ඊට මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා දී නොමැති නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක් ලබා ගැනීමට නියමිත අතර ඉන් මිලියන 100ක් මේ වනවිට ලබා දී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් ක⁣ළේය.



අදහස් (1)

ගොවීහු වී අලෙවි මණ්ඩලයට පස්ස හරවති

අමා Wednesday, 13 March 2024 12:51 PM

අඩුමිලට පෝර අවශ්‍ය වෙනකොට, දෙකට නැමිලා රජයට පස්ස හරවනවා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site