(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෛද්‍ය සහ නීතිඥ පවුලකට අයත් දෙහිවල හිල් වීදියේ සුඛෝපභෝගී නිවස ඇතුළු නිවාස කිහිපයකින් මුදල් ඇතුළු දේපල සොරාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් එලෙස සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි
මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 13600 ක් ද පොලිස් භාරයට ගෙන ඇත
එම සැකකරුවන් සොරා ගෙන තිබූ රන් ආභරණ , ලැප්ටොප් පරිගණකයක් ටැබ් යන්ත්‍රයක් , පෞරාණික පිත්තල භාණ්ඩ , ජංගම දුරකථන , රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා අව් කණ්ණාඩියක් , ඩ්‍රිල් යන්ත්‍ර කීපයක් පොලිස් භාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd