IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගොවියා ගොඩ දමන අලුත්ම මිරිස් ප්‍රභේදය

(චාපා මධුභාෂිණී)

මහවැලි ඩී කලාපයේ ගොවින්ට අලුතින් හදුන්වා දුන් ඒම්.අයි.සී.ඒච් 1 වර්ගයේ වැඩි දියුණු කරන ලද ප්‍රබේදය වර්ග මීටර 1000 (අක්කර කාලක්) වගා කළ මිරිස් වගාවේ පළමු මුරයෙන්ම රුපියල් 3,30,000ක ආදායමක් ලැබුණු බව දිවුලන්කඩවල ගොවි මහතකු වූ ඒස්.ගජවීර මහතා පවසයි.

පළමු මුරයෙන් අමු මිරිස් කිලෝ  600 අස්වැන්නක් ලබා ගත් බව ඔහු පවසයි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මහවැලිය මගින් සුහුරු ව්‍යාපෘතියක් ලෙස මැදිරිගිරිය මහවැලි ඩී කලාපයේ ගොවීන් 40ක් අතරේ මීට මාස 4 පෙර හදුන්වා දෙනු ලැබූ මෙම ඒම්.අයි.සී.ඒච් 1 වර්ගයේ මිරිස් වගාවේ පළමු අස්වැන්න දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඒස්.ගජවීර මහතාගේ වගාවෙනු නෙළනු ලැබීය.

වර්ග මීටර 1000 ( අක්කර 4/1 ) වන භූමි ප්‍රමාණයක ගොවි මහතකු සදහා මිරිස් පැළ 5200 ප්‍රමාණයක් සිටුවීමට පැළ ලබා දීම සිදු කොට ඇත. මිරිස් පැළ සිටුවා මාස 4 පසුව අස්වැන්න නෙළීම සිදු කරනු ලැබ ඇත.

ඒ අනුව ඒම ගොවි මහතා තමන් ලැබූ පළමු අස්වැන්න ලෙස කිලෝ  600 ප්‍රමාණය ලබා ඇති අතර පළමු මුරයේම ඒක් මිරිස් ශාකයකින් ග්‍රෑම් 750 වැඩි පළදාවක් හිමි කර ගැනීමට තමන්ට හැකියාවක් ලැබුණ බවත් තමන් ලද පළමු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමට කටයුතු කළ බවත් ඔහු කීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථායට අලෙවි කළ මිරිස් කිලෝවක් රුපියල් 550 මුදලකට තමන්ට අලෙවි කිරීමට හැකි වූ බවත් ඒ අනුව පළමු අස්වැන්නෙන්ම රුපියල් 330 000 මුදලක් උපයා ගැනීමට තමන්ට හැකි වූ බවත් ගොවි මහතා කීය.

අලෙවි කිරීමට කටයුතු කරන ලද නව මිරිස් ප්‍රබේදයේ මිරිස් කරලක දිග අගල් 8 පමණ වන බව ගොවි මහතා දිග මැන පෙන්වීමටද කටයුතු කරනු ලැබීය.මෙම සුහුරු ඒ්කකය තුළ පාත්ති 32 පමණ මිරිස් පැල සිටුවීමට කටයුතු කර ඇති බවත් මෙලෙස සිටවන ලද මිරිස් ශාකවලින් මුර 16 වැඩි ප්‍රමාණයක් අස්වනු නෙලිය හැකි බවද තමන්ට ක්ෂත්‍ර නිළදාරීන් දැනුවත් කළ බව ගජවීර මහතා අප වෙත කියන්නට විය.

ආසියානු සංවර්ධන බැංකු ආදාර යටතේ ඒක් ගොවි මහතෙකු සදහා  රුපියල් ලක්ෂ 9 මුදල් භාණ්ඩමය වශයෙන් වෙන් කර ඇති අතර තවද මැදිරිගිරිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරණ කාර්යාලය මගින් ගන්නොරුවෙන් මිරිස් බීජ කිලෝවක් රුපියල් ලක්ෂයක පමණ මුදලකට ගෙන ඒම බීජ තවාන් දැමීමට කටයුතු කර ඇත.‍

ඒලෙස තවාන් දැමූ බීජ සිටුවීමට සුදු අවධියේදී ගොවීන් 40 අතරේ ඒක් ගොව මහතෙකු සදහා මිරිස් පැල 5200 වන ලෙස බෙදා දීමටද මහවැලිය කටයුතු කර ඇත.

සුහුරු මිරිස් නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇත්තේ ලංකාවේ පරිබෝජනයට අවශ්‍ය වියලි මිරිස් සපයා ගැනීමේ අරමුණින් බව මැදිරිගිරිය මහවැලි නේවාසිත ව්‍යාපාර කළමණාකරණ කාර්යාලයට අනුයුක්තව සේවය කරන දිවුලන්කඩවල ඒ්කකයේ ක්ෂේත්‍ර සහකාර ජි.ඒල් සංජීව හේමන්ත මහතා අපවෙත කීය.

අප රටේ වාර්ෂික වියලි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 54000 වුවත් රට තුළ නිෂ්පාදනය වන්නේ මෙට්‍රික් ටොන් 5000 පමණ සුළු ප්‍රමාණයකි.

වාර්ෂික වියලි මිරිස් අවශ්‍යතාවය සපයා ගැනීමට තරම් නිෂ්පාදනයක් රට තුළ නොමැති කමින් ඒම අව්‍යතාවය සපුරා ගැනීමට විදෙස් රටවලට ලබා දෙන ඩොලර් ප්‍රමාණය අවම කර ගැනීම උදෙසා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සමග ස්ම්බන්ධ වී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සුහුරු වියලි මිරිස් නිෂ්පාදනය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කීය.

තවද මෙම ඒකකය අක්කර 4/1 භූමි ප්‍රමාණයක ස්ථාපිත තර ඇති බවත් මෙය අඩි 9 පමණ උසකින් යුක්ත වීම‌ හේතුවෙන් මිරිස් ශාකයට හානි කරන පැලමැක්කා, මයිටෑවා, සුදු මැස්සා ආදි කෘමි පලිබෝදයන්ගෙන් ද ගොවි මහතාට සිය වගාව ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතින බව සංජීව මහතා ලංකාදීපයට කියන්නට විය.

තවද වසර 5ක් මෙම සුහුරු ඒකකය තුළ මිරිස් වගාව සිදු කිරීමට ගිවිසුම්ගතව මෙම මුදල් ද්‍රව්‍යමය ආදාර ලබා දීමට මහවැලිය කටයුතු කර ඇත.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකු ආධාරයටතේ මහවැලි ඩී කලාපයේ මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමනාකරු ඒ.ඩී.ටී.හේමන්ත ජයසිංහ  මහතාගේ මගපෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාව අතට පත්ව තිබුණි.

 



අදහස් (3)

ගොවියා ගොඩ දමන අලුත්ම මිරිස් ප්‍රභේදය

L.samarawickrama Tuesday, 28 November 2023 04:06 PM

අදාල නව මිරිස් ප්‍රබේදයේ බීජ අපට ලබාගැනීමට නොහැකි ද??? ::::'''' (0714438145)

:       0       0

Perera Tuesday, 28 November 2023 06:20 PM

වෙළඳපොලේ දැන් තියන මිරිස් ලොකුවට ලස්සනට තිබුනට පොඩ්ඩක්වත් සැර නැහැ

:       0       0

H M N Shirantha Wednesday, 29 November 2023 12:25 PM

නව මිරිස් ප්‍රභේදයේ බීජ ලබා ගැනීමට හැකිද. 0718600326 උපදෙස් ලබාදෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site