
(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විවෘත කෙරුණු විශේෂ කවුන්ටර මේ වන විට වසා දමා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශ මත පසුගිය අප්‍රේල් 24 වනදා මෙම විශේෂ කවුන්ටර විවෘත කෙරිණි.
එම කවුන්ටරය විවෘත කර මාසයක් යන්නට පෙර එය වසා දැමීමට තීරණය කිරීම කාගේ තීරණයක් අනුව කළේ දැයි අපැහැදිලි බව සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් චෝදනා කරති.
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින්ම ප්‍රසිද්ධියට පත්කොට පිහිට වූ විශේෂ කවුන්ටර හඳුන්වාදීමේ වැඩසටහන පූර්ව දැනුම්දීමක් හෝ නොකර වසා දැමීම නිසා විදෙස් සංචාරකයන්ට මෙරට සම්බන්ධව ඇති විශ්වාසයට හානිකර ලෙස බලපාන බව සංචාරක කර්මාන්තකරුවෝ පවසති.
රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන ක්ෂේත්‍ර සම්බන්ධව ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු මේ ආකාරයට හකුලා දැමීමට ඉඩහැරීම නරක පූර්වාදර්ශයක් බවද සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් පවසති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටේ සංචාරක කවුළුව හිටි හැටියේ වහයි
fairoos Wednesday, 31 May 2023 01:14 PM
කාට කියන්නද මේවා...?