( ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26 ) දහවල් 11.30 පමණ සිට අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වේ .
ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර , නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .
අද (26 ) දහවල් 12.20 පමණ වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර , ගුවන් තොටුපොළ තුළ පවතින අධික මගී තදබදය මදක් ලිහිල් වෙමින් පවතින බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයෙක් කුඩු කාරයෙක් රටින් පනින්න ප්ලෑන් කරලා ඇති. ඒකට සපෝට් එකට වෙන්න ඇති
පරිඝණක පද්ධති වල නම් ඕනෑම මොහොතක බිඳ වැටීම් සිදු විය හැකියි. එය සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න තියෙන්නෙ අපේ ගුවන් තොටුපළේ කිසිම පිළිවෙලක් නැති.කම. ඒකට හිත යොදවන පාටක් නෑ කවුරුවත්.
ලංකාවෙ ඉතින් පැලැස්තර මිසක් කවද්ද හරියට කල්පවතින වැඩක් කෙරුනෙ. ආගමන විගමනේම උදාහරනෙකට ගන්නකො. පාස්පෝට් පෝලිම ඉවරයි කියනවා, ඊ-පාස්පෝට් දෙනවා කියනවා. ආයෙත් සිස්ටම් එක කැඩුණා කියනවා, පෝලිමේ හිටපල්ලා කියනවා, ජාතික හැඳුනුම්පතටත් කීයක් නං විකාර කරනවද? කෝ නිශ්චිත විසඳුමක්? කෝටි ප්‍රකෝටි ගනන් එක එකා සාක්කුවෙ දාගෙන මාරු වෙනවා. මතකනෙ ඖෂධ ගෙන්වන සිස්ටම් එක කැඩිලා කියලා වෙච්ච මගඩිය. පුලුවන් තරම් ඉක්මනින් මේ පජාත ක්‍රමේ වෙනස් කරන්න එකතු වෙයල්ලා.
වෙන රටවල මෙවැනි හදිසි අවස්ථාවල ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න බැක් අප් පද්දති තිබෙනවා ලංකාවේ එහෙම නැද්ද ?
ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යාම වෙනස් විය යුතුවේ
මේවා කෝටි ගානක් වියදම් කරලා හදපු පද්ධති. දෙවියන්ගෙන් පිහිටයි . අර මහජන බැංකුවේ තියෙන පරිගණක පද්ධතියත් ඔය වගේ ගනුදෙනුකරුවන්ට ඔන්ලයින් කිව්වට කිසිම ඇප්ලිකේෂන් එකක් පුරවන්න බෑ ළුම පද්ධතියේන්යෙන්
මෙය නිතරම සිදුවේ.. මුළු රටටම ලැජ්ජාවක්. ඇමතිතුමා ගේ අවදානයට....
ගුවන්තොටේ පරිගණක පද්ධතිය යනු කෙතරම් සුපරිෂකරිව නඩත්තු කලයුතු පද්ධතියක්ද? එයට සිල්ලර කඩයක ඇති ඉලෙක්ට්‍රොනික තරාදියක් නඩත්තු කිරීම තරම්වත් වැදගත්කමක් දී නැතිබව පෙනේ . ඉතියෝපියාවෙත් මේවා වෙන්නේ නැතිව ඇති .
බංකොලොත් රටක ඔහොම තමයි