IMG-LOGO

ගුවන් සේවා ඇමැතිගෙන් ජපානයට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල බරපතළ  ප්‍රමාදය ගැන ජපාන රජයට පැමිණිලි කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

එසේම  ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය ගැන එම ඉදිකිරීම් බාර ජපාන  කොන්ත්‍රාත් සමාගම්වලට  අමාත්‍යවරයා සිය අප්‍රසාදයද  පළ කළේය.

අමාත්‍යවරයා මෙසේ අප්‍රසාදය පළ කළේ කටුනායක ගුවන් තොටුපොළේ  නව මගී පර්යන්ත සංකීර්ණයේ  ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පෙරේදා(2) නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදීය.

මෙම ඉදිකිරීම් සමාගම්  තෝරාගනු ලැබුවේ ජපාන රජය විසිනැයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

මෙම ඉදි කිරීම්වලට අදාල කොන්ත්‍රාත් අත්සන්  තැබූවේ  මීට වසර අටකට පමණ පෙර  නමුත් මේ දක්වා එහි සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නැති බව මෙහිදී  පැවසූ අමාත්‍යවරයා   මෙම ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් හා  ගුවන් යානා මෙහෙයුම් පද්ධතියක්  ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රකාශ කළේය.

මෙම  සංවර්ධන ව්‍යාපෘතියේ  සමස්ත වැය ඇස්තමේන්තුව  රුපියල්  කෝටි 11300 කි.

ඒ සඳහා ජයිකා ආයතනයද  මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

මෙහි ඉදිකිරීම් 2019 දි සහ 2020 දී ආරම්භ කර ඇති අතර  කොන්ත්‍රාත් ගිවිසුමට අනුව  ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පැවතිය යුතු නමුත් සෑහීමකට පත්වීමට හැකි තරමට එම ඉදිකිරීම් මේ දක්වා සිදු නොවී පවතින බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම දෙවන පර්යන්තය  ගුවන්තොටුපොළ  පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව  ඉදි කිරීමට සැලසුම් කර තිබුණද එම මුල් සැලැස්මට පරිබාහිරව  එහි ආරක්ෂක පද්ධතිය ජාත්‍යන්තර අයිකාවෝ ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීමට  සූදානම් වන බවට  තොරතුරු ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

ඉදිකිරීම් සමාගමේ උදාසීන තත්වය සහ ඉන්ධන අර්බුදය මෙයට බලපෑවද එකඟ වූ දිනයට කොන්ත්‍රාත් කටයුතු අවසන් කිරීම කොන්ත්‍රාත්කරුගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී තරයේ පෙන්වා දුන්නේය.

එසේම අතුරු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී බරපතළ  අක්‍රමිකතා සිදුවී ඇති හෙයින්ද  නුසුදුසු අතුරු කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු බාරදීමද සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අඩාල වීමට හේතුවී ඇති බැවින්ද  එම අතුරු කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව නිසි  විමර්ශනයක් කරන ලෙස අමාත්‍යවරයා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ  මණ්ඩලයට  උපදෙස් දුන්නේය. 

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන මගී  පර්යන්තය සහ ගුවන්යානා මෙහෙයුම් පද්ධතිය  ඉදි කිරීම ආරම්භ කළේ පවතින මගී පර්යන්තයේ පැවති දැඩි තදබදය සහ ඉඩපාඩු අවම වීම නිසා බවත්  මෙරටට පැමිණෙන සංචාරකයන්ට උපරිම පහසුකම් සහ කාර්යක්ෂම සේවයක් ගුවන් තොටුපොළතුළ  ලබාදීමට මෙම දෙවන මගී පර්යන්ත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්  අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම අවස්ථාවට  අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ  සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ.චන්ද්‍රසිරි යන මහත්වරුද එහි අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයෝද ජපන් ඉදිකිරීම් සමාගම්හි නිලධාරීහුද සහභාගි වූහ.



අදහස් (6)

ගුවන් සේවා ඇමැතිගෙන් ජපානයට පැමිණිල්ලක්

චාටර් Friday, 03 June 2022 02:54 PM

තමන්ගේ රටේ වැඩ ඔක්කෝම හරියට වෙලාවට කරනවා වගේනේ කතාව... ජපානයේ තමයි වැඩ ප්‍රමාද...

:       0       20

nimalFriday, 03 June 2022 03:34 PM

ලංකාවේ පුරවැසියන් ගෑස් සහ ඉන්ධන වෙලාවට ලැබෙන තුරු බලා සිටියි...

:       0       12

ඉන්දික Friday, 03 June 2022 04:56 PM

ජපන් රජය කරපු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරන කම් බකන් නිලන් හිටියා. දැන් ජපානයට දොස් කියනවා. ජපානය කවදත් ප්‍රමිතියට වැඩ කරන අය. මහ ලොකුවට බැනලා තියන ටිකක් නැති කරගන්න හැකියි.. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරපු නිසා ආධාරයක්වත් ගන්න තිබූ අවස්ථාව නැතිවෙලා... මහ ලොකුවට පම්පෝරි ගැහුවට...

:       0       10

Siri Friday, 03 June 2022 04:59 PM

මට පේන්නේ මෙයත් 10% කෙනෙක් වෙන්න යනවා වගේ..!

:       0       7

Rasika Silva Sunday, 05 June 2022 06:34 AM

ඔයා කරපු ව්‍යප්‍රතිවල තත්ව‌ය කොහොමද?

:       0       0

සෙනෙවි Sunday, 05 June 2022 05:16 PM

කට් එක ලැබිලා නෑ වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 414 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site