
(ඉන්දිකා රාමනායක)
ගුවන් යානා නාශක උණ්ඩ සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්. අත්අඩංගුවට ගෙන ඇත.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සෙබලාගේ නිවසේ ගුවන් යානා නාශක උණ්ඩ ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකාර සෙබළාගේ නිවසේ තිබී ගුවන් යානා නාශක උණ්ඩ 09 ක්, සහ 84 එස්වර්ගයේ උණ්ඩයක් තිබී පොලිසියට හමු වු බව පොලිසිය පවසයි.
සැකකාර සෙබළ කාලතුවක්කු හමුදාවට අනුයුක්තව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ රාජකාරී කරමින් සිටින්නකු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තට වඳුරෝ එනවා ඇති.