IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානා ගැනීම කල් දාන්න - කෝප් කමිටුව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින්  2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක්  කුලියට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කරනු ලැබ ඇති  ප්‍රසම්පාදන ක්‍රියාවලිය  තෙමසකට කල් දමන්නැයි  පොදු ව්‍යාපාර පිළිබද  පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  එම සමාගමේ  ප්‍රධානීන්ට  අද (25) උපදෙස් දුන්නේය.

ආර්ථික අර්බුදය  හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය  සමාලෝචනය කරන ලෙසත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න ගැන සොයාබලන ලෙසත් කෝප් කමිටුව සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට  නිර්දේශ කළේය.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කරන ලෙසත්  ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස  සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා  උපදෙස් දුන්නේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා මිලට ගනිමින්  ගුවන් සේවය පවත්වාගෙන   යෑම අතවශ්‍ය  කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්වය හමුවේ ඒ පිළිබදව වඩා අවධානයක් යොමු කරමින්  අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධයෙන්  පසුගියදා පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවූ අතර  එහිදී කෙරුණු යෝජනාවක් අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ මෙසේ කැඳවනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න්  කිහිපයක් ඉදිරි  කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය සදහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

රටේ කළමනාකාරීත්වය පිළිබදව ඉහල පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් සමග  එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බව කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ඩී වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්ද අමරවීර,  පාඨලී චම්පික රණවක, ගරු හර්ෂ ද සිල්වා,  ඉරාන් වික්‍රමරත්න,  එස්. එම් මරික්කාර්, ගරු මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (0)

ගුවන් යානා ගැනීම කල් දාන්න - කෝප් කමිටුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 217 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 731 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1158 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site