
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ තීරණය ගුවන් සමාගම්වලට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
මීට අදාළ නියෝග මැතිසබයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මහ තේරුමක් නැති වැඩක්... එක දිගට අවුරුදු 03ක් ආවොත් 4 අවුරුද්ද නොමිලේ දෙන්නම් කියන්න තිබුණේ නැද්ද? දැන් අතින් කාලා හරක් බලලා ඒ බරත් ජනතාවට දෙන්න හදන යෝජනාවක් මේක...
ඒවා අඩුකරලා අපේ මාංශ හූරගෙන කාපල්ලා.