(ගයාන් සූරිය ආරච්චි)
දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා ඔරුගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිපහක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කොකේන් මත්ද්‍රව්‍ය මෙරට ගෙන්වීම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd