
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ ගුවන් නියමුවා වන තරිඳු හේරත් මහතා සහ ඉංජිනේරු මධුසංඛ වර්ණකුලසූරිය මහතා ය.
සැහැල්ලු ගුවන් යානය ධාවන පථයෙන් මද දුරක් ඉහලට ගිය අවස්ථාවේ එක්වරම කඩා වැටී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ධාවන පථයෙන් ඉහලට ඔසවා විනාඩි තුනක පමණ කාලයක් ඇතුළත ගුවන් යානය කඩා වැටී ඇති බව පෙනී යන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
මෙම සැහැල්ලු ගුවන් යානය පරීක්ෂණ කටයුත්තක් සඳහාගුවන් ගත කර ඇතැයිද ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ගුවන් යානය ධාවන පථයට කඩා කඩා වැටීමෙන් පසු එම ස්ථානයේදීම මෙම දෙදෙනා මියගොස් ඇතැයි චීන වරාය පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
(අමදෝරු අමරජීව)
චීන වරාය ගුවන්තොටුපොළින් ගුවන් ගත වූ පුහුණු කිරීමේ සැහැල්ලු ගුවන් යානයක් චින වරාය පරිශ්‍රයට කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගුවන් හමුදාවට අයත් මෙම ගුවන් යානයේ පුහුණු වීම් කළ නුපුහුණු ගුවන් නියමුවකු සහ පුහුණු කිරීමේ කටයුතු කළ ගුවන් නියමුවා මියගොස් ඇත.
වැඩි විස්තර පසුව
(ඡායාරූප: අමදෝරු අමරජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්. දෙදෙනාටම නිවන්සුව අත්වේවා...!
ගුවන් යානයක් හැදුවට පස්සේ පොඩ්ඩක් දුවලා බලලා එමු කියලා යන්න පුළුවන් වාහනයක් නෙමෙයි .100% නිවැරදියි කියලා තහවුරු කරන්න ඕනේ ගුවන් යානා කාර්මිකයින්
මේක දැක්කම දුකයි.... එයාලට මේ පෞරාණික ගුවන් යානා ආදේශ කරන්න තිබුණා. ඒවා තිබිය යුත්තේ කෞතුකාගාරයක මිස වාතයේ නොවේ.
බොහොම කනගාටුදායක පුවතක්. හදිසි අවස්තාවකදී ඉජෙක්ට් වෙන්න ක්‍රමයක් මෙම යානයට තිබුනෙ නැතිද. ලංකා මාතාව වෙනුවෙන් බොහො කාලයක් සෙවය කරන්ට පුලුවන් වටිනා ජීවිත දෙකක්. ඔවුනට නිවන් සුව ප්‍රාර්තනා කරමි.