IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගුවන් අනතුරින් ඉංජිනේරුවා, ගුවන් නියමුවා මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද  උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ ගුවන් නියමුවා වන තරිඳු හේරත් මහතා සහ ඉංජිනේරු මධුසංඛ වර්ණකුලසූරිය මහතා ය.

සැහැල්ලු ගුවන් යානය ධාවන පථයෙන් මද දුරක් ඉහලට ගිය අවස්ථාවේ එක්වරම කඩා වැටී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ධාවන පථයෙන් ඉහලට ඔසවා විනාඩි තුනක පමණ කාලයක් ඇතුළත ගුවන් යානය කඩා වැටී ඇති බව පෙනී යන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

මෙම සැහැල්ලු ගුවන් යානය පරීක්ෂණ කටයුත්තක් සඳහාගුවන් ගත කර ඇතැයිද ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ගුවන් යානය ධාවන පථයට කඩා කඩා වැටීමෙන් පසු එම ස්ථානයේදීම මෙම දෙදෙනා මියගොස් ඇතැයි චීන වරාය පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.


 

(අමදෝරු අමරජීව)

චීන වරාය ගුවන්තොටුපොළින් ගුවන් ගත වූ පුහුණු කිරීමේ සැහැල්ලු ගුවන් යානයක් චින වරාය පරිශ්‍රයට කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ගුවන් හමුදාවට අයත් මෙම ගුවන් යානයේ පුහුණු වීම් කළ නුපුහුණු ගුවන් නියමුවකු සහ පුහුණු කිරීමේ කටයුතු කළ ගුවන් නියමුවා මියගොස් ඇත.

වැඩි විස්තර පසුව

(ඡායාරූප: අමදෝරු අමරජීව)



අදහස් (4)

ගුවන් අනතුරින් ඉංජිනේරුවා, ගුවන් නියමුවා මරුට

පිටරැටියා Monday, 07 August 2023 03:40 PM

හරිම කණගාටුදායක පුවතක්. දෙදෙනාටම නිවන්සුව අත්වේවා...!

:       1       56

gunarathna Monday, 07 August 2023 08:35 PM

ගුවන් යානයක් හැදුවට පස්සේ පොඩ්ඩක් දුවලා බලලා එමු කියලා යන්න පුළුවන් වාහනයක් නෙමෙයි .100% නිවැරදියි කියලා තහවුරු කරන්න ඕනේ ගුවන් යානා කාර්මිකයින්

:       0       0

WCA Monday, 07 August 2023 10:42 PM

මේක දැක්කම දුකයි.... එයාලට මේ පෞරාණික ගුවන් යානා ආදේශ කරන්න තිබුණා. ඒවා තිබිය යුත්තේ කෞතුකාගාරයක මිස වාතයේ නොවේ.

:       0       0

Bunny Preena Tuesday, 08 August 2023 01:50 PM

බොහොම කනගාටුදායක පුවතක්. හදිසි අවස්තාවකදී ඉජෙක්ට් වෙන්න ක්‍රමයක් මෙම යානයට තිබුනෙ නැතිද. ලංකා මාතාව වෙනුවෙන් බොහො කාලයක් සෙවය කරන්ට පුලුවන් වටිනා ජීවිත දෙකක්. ඔවුනට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1648 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site