IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3ක් නාවික හමුදාවෙන් බේරාගැනෙති

(ගයාන් සූරියආරච්චි)

අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (20) බේරාගනු ලැබූහ.

හදිසි ජල ගැලීම් තත්ත්වය හමුවේ නිවසෙන් පිටතට යාමට නොහැකිව සිරවී සිටි එකම පවුලේ මව, පුතා සහ දියණිය නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා බේරාගනු ලැබූහ.

අධික වර්ෂාවත් සමග පෙරියකඩවල වැවේ ජලය පිටාර ගැලීම නිසා ඇළ මාර්ග උතුරාගොස් ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාවේ තම්බපණ්ණි නාවික නෞකා ආයතනයේ නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකර එම පිරිස බේරාගත්හ.

මුන්දලම ප්‍රදේශයේ නිවසක සිරවී සිටින එකම පවුලේ පිරිසක් මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව විශේෂ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගිවූහ. 



අදහස් (2)

ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3ක් නාවික හමුදාවෙන් බේරාගැනෙති

මැක්ස් Monday, 20 May 2024 08:28 PM

මෙවන් අවස්ථාවල දී තම රාජකාරිය අකුරට ඉටු කරන යුද නාවික ගුවන් සහ පොලිස් නිලධාරින්ට අපගේ ගෞරවයත්, ඔවුනට 8 සමතුන් යැයි නිතරම අපවාද එල්ල කරන එන්ජීඕකාර නඩ, ජේවීපීකාර සරසවි සිසුන් වැනි ගුණමකුවන්ට අපගේ පිළිකුලත් ප්‍රකාශ කරන්න මෙය අවස්ථාවක් කර ගනිමු.

:       0       0

සුපුන් චාමර Tuesday, 21 May 2024 07:49 AM

ඊට පස්සෙ මොකක් හරි කේස් එකක් ආව ගමන් 119 ගහපල්ලා. නේවි එකේ උන් අරමයි මේවයි කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site