(ප්‍රියන්ත දසනායක)

අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින්  මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ.

අකුරැස්ස නගරයේ ගංවතුරින් බේරා ගැනිම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නිසා තම ගම්මානය නිරන්තයෙන් ගංවතුරට අසුවන බව ඔවුහු කීය. දරුවන්ට පාසල් යන්නටත් කූලි වැඩ කරන්නන්හට සිය වෘත්තිය කරගන්නටත් මෙම තත්ත්වය බාධාවක් බව ද විරෝධතාකරුවෝ චෝදනා කරති.