
( ප්‍රදීප් කුමාර )
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී .
හදිසියේම ඊයේ(16) ඇතිවු ගංවතුර තත්වය හමුවේ මුලතිව් ඔට්ටුසුටාන් බන්ඩාරවන්නියන් ගම්මානයේ කොටුවු ප්‍රදේශවාසීන් පිරිසක් යුද හමුදාව මැදිහත්විමෙන් නිරු පද්‍රිතව මුදාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට තිබේ .
එහිදී පවුල් 32 ට අයත් පුද්ගලයින් 102 කු මෙසේ බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර පවතින වැසි හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ සියළු වැව් පිටාර ගැලීමට පටන් ගැණිනි.
මෙහිදී ඔට්ටු සුටාන් ප්‍රාදේශිය ලේකම් කොටසේ මාන්කුලම පනික්කන්කුලම බන්ඩාරවන්නි ඉංදුපුරම් තට්ටයාර්මලෙයි පුලියන්කුලම හා තචම්බන් යන ගම්මාන වල පවුල් 127 ට අයත් පුද්ගලයින් 423 කු අවතැන්ව සිටි
අපදා කළමණාකරණ නිළධාරින් පවසනුයේ සමස්ත මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 695 ට අයත් පුද්ගලයින් 2117 ක අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්ව ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පින්තූර අරගෙන දාන්න ඩයස් පෝරාවට පේන්න...
රටේ විපත්තියකදී හැමදාම උරදීලා කටයුතු කරන හමුදා සොල්දාදුවන්ට, නිලධාරීන්ට අපගේ ගෞරවනීය ආචාරය...