IMG-LOGO

ගංවතුරේ වැඩ දැමූ චරිත්මාට මැතිසබයෙනුත් මල් මිටක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගංවතුරට හසුවූ පාදුක්ක  වග ප්‍රදේශයේ  අඹුසැමි යුවළක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට මැතිසබයේ ගෞරවය ප්‍රණාමය පුද කළ යුතු බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

පාදුක්ක සිරි පියරතන  විදුහලේ 17 හැවිරිදි මෙම දැරියගේ සියලුම දේ ගංවතුරෙන් අහිමි වී ඇති හෙයින් ඇයට  ජනාධිපති අරමුදලෙන් යම් ආධාරයක් කරන්නැයි  ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ඇය එකවර ජීවිත දෙකක් බේරගත්තා යැයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේ පැවසීය.

සිරි පියරතන විදුහලේ  චරිත්මා සිසුවියගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කරලා තිබුණා. සිරි පියරතන විදුහල  බස්නාහිර පළාතේ පාසලක්. මමත් ඒ සිසුවිය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව දැනුම් දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි  මහතා මෙසේ පැවසීය.

පාදුක්ක මගේ ප්‍රදේශය. ඒ දියණිය විශාල වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ. පිරිමියෙක් වත් කරන්නැති වැඩක්. දියණියට ඇගැයීමක් කරන්න විදුහල්පතිතුමා දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා.



අදහස් (10)

ගංවතුරේ වැඩ දැමූ චරිත්මාට මැතිසබයෙනුත් මල් මිටක්

Bandula Friday, 07 June 2024 01:57 PM

දිරිය දියණී ඔබට අපගේ උත්තමාචාරය.

:       0       91

SUNIL MILANO Friday, 07 June 2024 02:27 PM

ලක් මෑණියන්ගේ දිරිය දියණිය කළාවූ මේ සත් ක්‍රියාවට හිස නමා ගරු කරන අතර නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා කියා එක සිතින් පතමි බුදු සරණයි..!

:       1       56

Koswatte Friday, 07 June 2024 02:32 PM

මෙවන් දිරිය දියණියන් වැඩි වැඩියෙන් ලක්මවට බිහිවේවා..!!! 

:       0       53

aravinda Friday, 07 June 2024 02:41 PM

ජීවිත දෙකක් නොවේ, ජීවිත හතරක් බේරා ගත්තා. වීර විහාර මහා දේවි පරපුරේ දියණියක්...!

:       0       49

Kazi Shajahan Friday, 07 June 2024 03:43 PM

රටට කවදා හරි වැඩක් කරන දිරිය දියණියක්.. කෝටි ගණන් ඉපදේවා නුඹ වැනි තව පුතුන්...

:       0       32

Lankabarana Friday, 07 June 2024 05:11 PM

පාදුක්ක මගේ ප්‍රදේශය කියපු ජගත් මන්ත්‍රීවරයා කිසිම ලැජ්ජාවක් නැතුව එම දියණිය ඇගැයීමට විදුහල්පතිතුමා කටයුතු කරනවා කියන්නේ පාර්ලිමේන්තුවේ ඇගැයීමක් අවශ්‍ය නැහැ වගේ තමයි. පාසලේ ඇගැයීම් බොහෝ වටිනවා... වගේම පාර්ලිමේන්තුවේ ඇගැයීම සමස්ත ජනතාවගේ ඇගැයීමක් වෙනවා.. ඇත්තටම එම දියණියට පාර්ලිමේන්තුවේ ඇගැයීමක් කරනවා නම් ඉතාමත් වටිනවා.

:       3       19

Inayathullah Abdul Cader Friday, 07 June 2024 05:35 PM

දිරිය දියණිය ඔබට අපගේ උත්තමාචාරය. ආදරණීය දියණියට දීප්තිමත්ම අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

:       1       23

gunarathna Friday, 07 June 2024 08:18 PM

මම දැක්කා බල්ලෙක් මුලු පුලක්ම බේරගන්නවා බල්ලාට නම් කාගෙන්වත් ඇගයිමක් නැ.. පාර්ලිමේන්තුවේ මේ ගැනත් කතා කරන්න බැරිද

:       0       0

ලක්මාතාව Friday, 07 June 2024 08:22 PM

මේ වීර මානවිකාවට සහ ඇගේ ආදරණීය දෙමව්පියනට පාරිල්‍යෙයක පරපුරේ හස්තිරාජයෙකුට මෙන් ශක්තිය, ධෛර්යය,බලය, නැණ නුවණ සහ දීර්ඝායු සම්පත් වගා වැඩි දියුණු වේවා!!!

:       0       1

ජී.ඩී. කරුණාරත්න Saturday, 08 June 2024 02:45 AM

දියණිය ඔබට ‌තෙරුවන් සරණිනේ පිහිටෙන් දීප්තිමත් අනාගතයක ට දෛර්ය ශක්තිය දීර්ඝායුෂ නොවඩුව ලැබේවා යි ප්‍රාර්ථනය කරමි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 381 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site