IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුර තේ ගසට මාරයා රැගෙන එයි

(අංජුල මහික වීරරත්න)

ගංවතුරට යටවූ  මාතර දිස්ත්‍රික්කයේ තේ ගස් මැරී යාමේ තර්ජනයක් ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

රොන්මඩ නිසා තේ  වගාවට දැඩි බලපැමක් වන බවද තේ මණ්ඩලය කියයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂඥයන් පැවසූයේ ගංවතුර නිසා ඇතිවූ මඩරොල්ල තේ දළුවල හා තේ පත්‍රවල තැවරීම හේතුවෙන් තේ ගස් මිය යාමේ තර්ජනයක් මතුවීමට  ඉඩ තිබෙන බවයි.

මේ නිසා කුඩා තේ වතු ආරක්ෂා කර ගැනීම සඳහා තේ වගා කරුවන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, තේ පත්‍රවල මඩ තැවරී ඇත්නම් ඒවා ජලයෙන් සෝදා හෝ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන  ලෙසත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තේ ගසක ආයු කාලය වසර 30ක් පමණ වන අතර තේ ගසක් වැඩෙන්නට වසර තුනක පමණ කාලයක් ගත වේ. මේ නිසා ගංවතුර හේතුවෙන් විනාශ විය හැකි තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.



අදහස් (1)

ගංවතුර තේ ගසට මාරයා රැගෙන එයි

සෙනෙවිරත්න Thursday, 06 June 2024 07:39 PM

මහන්සිවෙලා වතුර බහිනවාත් එක්කම සෝදල දාන එක තමයි විසඳුම, ලොකු ඉඩම් හිමියන්ට අමාරු වැඩක්. ඊලඟ වැඩේ පොලෙව මතුපිට බැඳෙන මඩ තට්ටුව නිසා මුල් තැම්බීම, ඒක ගස විනාශ වීමට බලපානව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site