(නිමල කොඩිතුවක්කු)

ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එම මුදල  ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අත්‍යවශ්‍ය බවත්  කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 5348කට අර්ධ හානි සිදුව තවත් නිවාස 60කට පූර්ණ හානි සිදුව ඇති බවද ඔහු කීවේය.

මෙයට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 783ක් සහ වෙනත් ස්ථාන අටකට හානි සිදුව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.