(පද්මසිරි ගාර්දියවසම්)
ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
මියගිය අය වීරකැටිය,හිගුරුමුලන බදුගේයායේ පදිංචි 45 හැවිරිදි සිවුදරු පියකු වූ රිදියගමගේ අරුණ ජයන්ත නමැති අය බවට හදුනා ගෙන ඇත .ඔහු කුලියට ගවයන් පටවන්නකු ලෙස රැකියාව කළ අයකු බව ද පොලිසිය කියයි.
වීරකැටිය යක්ගස්මුල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ .ඒ වනවිටත් උදරයට වෙඩි වැදීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා ඔහු මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මළසිරුර රෝහලට බාරදුන් දෙදෙනා වීරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . අවුරුදු 38 සහ 43වයසේ පසුවන මොවුන් දෙදෙනා ගව සොරකමේ ගිය සැකකරුවන් බව පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම නිලධාරින්ට අපගේ උත්තමාචාරය...
සොරුන්ට නිසි දඩුවම් ලබාදිය යුතු උනත් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ පොලීසිය විසින්ද නැත්නම් වෙනත් පාර්ශවයකින්දැයි හරියටම සදහන් කර නෑ. පොලිසියට උවද හිතූ හිතූ විදියට වෙඩි තැබීම් කල නොහැකියි. පුද්ගලයෙක් මෙල්ල කර ගැනීම සදහා වෙඩි තැබීම් කල හැකි උවත් මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කිරීම නීති විරෝධියි.
හොඳ වෙලාවට බමුණු ආරච්චි එතන හිටියේ...
තමාගෙ ආත්ම ආරක්ශාවට කෙනෙකුට පහරදීල ඔහුට තුවාල උනානම් පොලිසිය කරන්නෙ ගහපු එකාව අත්තඩංගුවට ගන්නා එකයි. පොලිසිය කරන්නෙත් මැරවරයන්ව හුරතල් කරන එකයි.
තමන්ගෙ ජීවිතයට වටිනාකමක් නැති නිසානෙ අවදානමක් අරගෙන හොරකම් කලේ. කමක් නෑ
මෙ තක්කඩියො හරක් කි දෙනෙකු මැරයගෙ කටට දක්කන්න අතිද ? ඒ් වගේම අහිංසක පෞවුල් කියක ජිවිකාව නැතිකරල හිගමනට ඇද දමන්න ඇතිද ? ඒ් නිසා කව්රු වෙඩි තිබ්බත් කමක් නැහැ.