IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගොවි ගැටලුවලට විසැඳුම් දෙන්න පිරිසක් ගම්වලට බස්සයි

( වයි.ඵ්.ඵස් වීරවංශ. )

කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය  බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දිවයිනේ තෝරා ගත් කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවීමේ මූලික අධියරේ නිලධාරීන් පුහුණු කිරීමේ පලමු වැඩ මුළුවේ දීය.

මෙම වැඩමුළුව බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී ඉකුත් 19, 20, 21 යන දිනවල නේවාසිකව පැවැත්විණි.

වැඩ මුලුව සදහා කලුතර,ගමිපහ,කොළඹ, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මොනරාගල, පොලොන්නරුව, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල සේවය කරන කෘෂිකර්ම උපදේශකවරුන් සහ තාක්ෂණ සහකාර නිලධාරීන් හතලිහක් පමණ සහභාගි වූහ.

 



අදහස් (0)

ගොවි ගැටලුවලට විසැඳුම් දෙන්න පිරිසක් ගම්වලට බස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site