
(අංජුල මහික වීරරත්න)
ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පශු රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකාර්මික, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන කාෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවියා ආරක්ෂා කර ගැනීමට විවිධ ආකාරයේ රක්ෂණ ක්‍රම ආරම්භ කර ඇත.
එහිදී මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ සත්ව පාලනයේ යෙදෙන පශු ගොවි මහතුන්සේ අවදානම අවම කර, සුරක්ෂිත භාවය තහවුරු කිරීම අරමුණු කර එම ක්ෂේත්‍රයේ ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පරිදි පශු රක්ෂණ යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කරනු ලබයි.
කෘෂිකර්මාන්ත, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා විසින් මෙම පශු රක්ෂණ යෝජනා ක්‍රමය වඩාත් පුළුල් ලෙස දීප ව්‍යාප්තව සත්ව පාලන කර්මාන්තයේ යෙදෙන ගොවි මහතුන් වෙත ක්‍රියාත්මක කරන ලෙස ලබාදී ඇති උපදෙස් මත දිවයින පුරා සත්ව ගොවිපළ වලට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.
මෙහිදී මූලික රක්ෂණාවරණය යටතේ හදිසි අනතුරකින්, රෝගී තත්ත්වයකින්, සතකු මිය යාම හා පූර්ණ දුබලතාවය වෙනුවෙන් ගෙවීම සිදු කරයි.
සම්මත රක්ෂණාවරණය මඟින් ගවයන්, එළුවන් හා බැටළුවන්ට සිදුවන හදිසි අනතුරු සහ රෝග සඳහා මූලික ලෙස ආවරණය කරන අතර, අතිරේක ආවරණ ලෙස ගින්න ,අකුණු අනතුරු හා සීසෑමේදී සිදුවන අනතුරු මෙන්ම ප්‍රවාහනය කිරීමේදී සිදුවන අනතුරු සඳහාද රක්ෂණ ආවරණයන් ලබාදීම සිදු කරනු ලැබේ.
දිවයිනේ සත්ව පාලනයේ යෙදෙන පශු ගොවින්ගේ අවදානම් කළමනාකරණය කර ගැනීම මඟින් කර්මාන්තය වැඩි දියුණු කර ගනිමින් තවදුරටත් එම ක්ෂේත්‍රයේ යෙදීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීම අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගව - එළු - බැටළු රක්ෂණය වැඩි කරයි
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 14 October 2025 03:12 PM
වසර 76ක් තිස්සේ රටකාපු හැතිකරේගේ කක්කා හෝදන අපි ජෝඩුව වාගේ බත්කන හරක්ට සුභ ආරංචියක්
රනේ Tuesday, 14 October 2025 04:56 PM
විපක්ෂයක් තියෙන්න එපැයි, විනාශ වෙලාම යන්න දෙන්න පුළුවන් ද?