
(සුජිත් හේවාජුලිගේ )
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම මුදල අයකරගෙන නැතැයි පැවසෙන්නේ 2015 මැයි මාසයේ සිට 2018 ජුලි මාසය දක්වා කාලය වෙනුවෙනි.
එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි.
කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන් පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ඒ වෙනුවෙන් මුදල් අය කර ගත යුතු වගකීම නිලධාරීන්ද සොයා ගැනීමට නොහැකිව ඇති බව එම ප්‍රධානීහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ තොරතුරු සඳහන් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දුමින්ද දිසානායකගෙන් අහපන්කෝ...
ඔය කරලා තියෙන්නේ
ඔය හිටපු ඇමතිම නේද ඒ කාලේම අමාත්‍යංශයට රාජගිරියෙන් හිස් බිල්ඩිමක් අරගෙන කෝටිගණනාවක් නිළියකට ගෙව්වේ. පස්සේ කිසිම හිරිකිතයක් නැතිව එවකට හිටපු යහපාලන අකමැතිගේ එකවුන්ට් එකට බැරකරලා අතහෝදා ගත්තේ... දැන් වැඩ බලන මහලේකම්කමකුත් දරාගෙන නැවතත් වත්මන් ජනපතිට ජැක් එක ගහන්න සැරසෙන්නේ... මොවුන් ඔක්කෝම මෙලොවදීත් විඳවලාම තමයි අපාගත වෙන්නේ...!!!
එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය 2015 මැයි මාසයේ සිට 2018 තෙක් කුවිතාන්සියක්වත් නැතුව හෝ එම නියෝගය ලිඛිත අවසරයක් හෝ නොගත් දේශපාලන හෙන්චයියන් තනතුරුවලට පත් වුණාම රජයේ ආයතන වලට වන දේ පාලනය නොදත් එකී කාලය තුළ සහ මෙතෙක් සියලුම නිලධාරින්ගෙන් අය කළ යුතුයි..
අන්න මෙම කාලයතුළ තමයි සිරිසේන කිව්වා වගේ රට ගොඩ ගිය කාලය කියලා. දැන් සිරිසේනට තේරනවා ඇති කොහොමද ඔහුගේ කාලය තුළ රට ගොඩ ගියාද කියලා...!