IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගල්ලෑල්ලේ පාර යටවී මගීන් අපහසුතාවයට

(නිමල් ජයරත්න)

දින හතකට ආසන්න කාලයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය  ගංවතුරෙන් යටව පැවතීමත් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව, රෝගීන් ඇතුළු රාජ නිලධාරීන් ප්‍රවාහන පහසුකම්වලින් ඇති දුෂ්කරතා හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකලව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය දින කිහිපයක සිට වසා තැබූ අතර පළවෙනිදා ගංවතුර තත්ත්වයන් බැස යාමත් සමග    බර වාහන ගමනාගමනයට ආරක්ෂක අංශ විසින් ගමන් කිරීමට අවසර දුන්නද දෙවැනිදා උදෑසන වන විට නැවතත් එම මාර්ගයේ ගංවතුර තත්ත්වය වැඩිවීමත් සමග මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

කදුරුවෙල, මනම්පිටිය අතර ගංවතුර තත්ත්වය බැසයාමත් සමඟ කදුරුවල මනම්පිටිය අතර මගී ජනතාව ප්‍රවාහනයට යොදවා තිබූ දුම්රියද මඩකලපුවට යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරින් පියවර ගත්හ.

දෙවැනිදා උදෑසන වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය නැවත වරක් ජලයෙන් සම්පූර්ණ යටවීමත් සමග කදුරුවල නගරයට දුම්රියෙන් යෑම සඳහා ‍ප්‍රවේශපත්‍ර ලබාගැනීමට මනම්පිටිය දුම්රිය ස්ථානයේ දැඩි තදබදයක් හටගෙන තිබූ අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා කිලෝමීටර් දෙකක් පමණ දුරට දිගු පෝලිම්ද දක්නට ලැබිණි.



අදහස් (0)

ගල්ලෑල්ලේ පාර යටවී මගීන් අපහසුතාවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 909 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site