(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල කරාපිටිය  ප්‍රදේශයේ  අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල්  ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකරමින් සිටියදි පස්කන්දක් කඩාවැටිමෙන්  බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි  තවත් අයෙකු අද (11) මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

 මියගොස් ඇත්තේ  කොඹලලියනගේ සරත් කුමාර  (53) නැමති සිවිදරුපියෙකි.

මොහු  තලහහේන ඉහලවත්ත ඉමදුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෙම සිව්දරු පියා කම්කරුවකු ලෙස මෙකි වැඩබිමේ සේවය කොට ඇත.

 මෙම සිද්ධිය වු දිනයේදිම  පස්කන්දට යටවිමෙන්  ඉමදුව වල්පොල ප්‍ර දේශයේ පදිංචි පිටදුව ගමගේ ප්‍රසංග සංජිව (35) නැමති  අයද මියගියේය.

  මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලැබු අතර  ඔවුන් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබති.