(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද අලුයම් කාලයේ සිට දවස පුරා ඇද හැළුණු ධාරාණිපාත වරෂාවත් සමග යළිත් පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවි ඇති අතර ගමනා ගමනයටද බාධා එල්ල විය.

ගාල්ල බද්දේගම පාරේ දංගෙදර,තලාපිටිය,කෝන්ගහ හන්දිය ආදි ප්‍රදේශවල මාරග රැසක් සම්පුරණයෙන්ම ජලයෙන් යටවි තිබින.වාරි මාරග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට සාමාන්‍ය මට්ටමේ තිබෙන ගිංගගේ ජල මට්ටමඅධික වැස්සත් සමග ඉහල යමින් පවතින බවය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා පැවසුවේ යලිත් හදිසි ගංවතුර තත්වයක් හෝ වෙනත් ආපදා තත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලු සහන සැළසිමට කටයුතු සුදානම් කර තිබෙන බවය.