
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය දිනවලඇද හැළුණ ධාරාණිපාත වරෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇත.
කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.ගාල්ල බද්දේගම ,මාපලගම,කරාපිටිය ඇතුලු මාරග රැසක බස් ධාවනවය වන්නේ මෙම මාරගයේ වන අතර දිවාකල විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි.
නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාරයාලය,සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාය යාමට මානව ක්‍රියාවන් හේතු වෙනවා කියලා අන්තිම ඡේදයෙන් පැහැදිලි වෙනවා... ඉදිකිරීම් හා සංවර්ධනය කිරීමේදී අදාල බලධාරීන් නියමිත රාජකාරි හරියට කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ...!