IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගාල්ල නගරය ජනාකීර්ණ වුණත් පෝලිම් නෑ

 

(සිරංගිකා ලොකුකරවිට) 

ඇඳිරි නීතිය ඉවත්කළ පසු අද (20) ගාල්ල නගරයේ ජනාකීර්ණ බවක් ඉසුළුව ද එහි  ඇඳරිනීති ඉවත්කරනු ලැබූ පසුගිය දිනවල දී මෙන් සෙනග රැස්වෙමින් දක්නට ලැබුණේ නැත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා සුපිරි වෙළෙඳ සැල්වල හෝ ඖෂධ අළෙවි සැල්වල පොලිම් නොතිබිණි.

නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම වෙළෙඳ සැල් හා ව්‍යාපාරික ස්ථානත් රජයේ කාර්යාලත් විවාත කර තිබිණි.

උදෑසන ව්‍යාපාරික ස්ථාන විවෘතවන අවස්ථාවේ සිගරැට් මිලදී ගැනීමට තරමක පෝලිමක් දක්නට ලැබුණ ද දහවල් වන විට ඒවායේ ද පොලිම් දක්නට න‍ොලැබිම විශේෂත්වයකි.

මත්පැන් අළෙවි සැල් ද අද (20) දිනයේ විවෘතව තිබූ අතර ඒවාට ගනුදෙනු කරුවන් පැමිණ සිටිය ද පෝලිම් දක්නට ලැබුණේ නැත.

නගරයේ ප්‍රධාන රෙදිපිළි අළෙවි සැල් සියල්ලම පාහේ විවෘතව තිබුණු අතර ඒවායේ පෝලිම් දක්නට නැතත් විශාල වශයෙන් ගනුදෙනු කරුවන් රෙදිපිළි මිලදී ගන්නා ආකාරය ද නිරීක්ෂණය කළ හැකිවිය.

නමුත් කෘෂි කර්ම කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව උනන්දුවෙන් පැමිණෙනු දක්නට හැකිවිය. එවැනි ද්‍රව්‍ය අළෙවි කරන වෙළෙඳ සැල් අසල පමණක් දිගු පෝලීම්  දක්නට ලැබිණි. 

‍පොදු ප්‍රවාහන සේවා ආරම්භ කර තිබුණ ද ගාල්ල ප්‍රධාන බස් නැවතුමේ අද දහවල් දක්නට ලැබුණේ පාලු ස්වභාවයකි. අකුරැස්ස, මාතර, ඇල්පිටිය, අම්බලන්ගොඩ, මාපලගම වැනි දුර බැහැර ප්‍රදේශවෙත යන ලංගම බස්රථ ධාවනය වුව ද පුද්ගලික බස් රථ ධාවනය වූයේ අතලොස්සක් පමණි. දහවල් කාලයේ දී නම් ධාවනය වූ බස්රථවල මගීන් දක්නට ලැබුණේ සුළු වශයෙනි. නමුත් උදෑසන කාර්යාල සඳහා සේවයට යන මගීන්ගෙන් බස් රථ පිරී තිබුණු බව ලංගම සේවකයෝ කීහ.

උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ගාල්ල දුම්රිය නැවතුම්පොළෙන් ධාවනය වූ නමුත් දිවා කාලයේ දුම්රිය නැවතුම්පොළ ද පාළු වී ගොස් තිබිණි.

ගාල්ල සිට කොට්ටාව දක්වා අධිවේගී මාර්ගය විවෘතව තිබුණ ද එම මාර්ගයේ ධාවනය වන අධිවේගී බස් රථ කිසිවක් අද (20) ගාල්ලෙන් පිටත්වූයේ නැත. එබැවින් අධිවේගී බස්රථ ගමන් ආරම්භ කරන සමනල පාලම අසළ බස් රථ ගාලේ වෙනත් පුද්ගලික බස් රථ කිහිපයක් නවතා තිබෙණු දැකගත හැකිවිය.

දිවයින පුරා අඛණ්ඩව ඇඳිරිනීති පැනවීමට පෙර දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබූ ගාල්ල කොටුව ඊයේ (20) කිසිදු සංචාරකයකු නොමැතිව පාලුවට ගොස් තිබිණි.



අදහස් (1)

ගාල්ල නගරය ජනාකීර්ණ වුණත් පෝලිම් නෑ

rana Monday, 20 April 2020 11:56 AM

කාසි නැතිව පොලිම්වල ඉන්නේ මක්කටැයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1534 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site