(ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දියගහගේ)

ගාල්ල බෝපෙ ප්‍රදේශයේ ගරාජයක් පිටුපස ඉඩමේ සඟවා තිබු  අත් බෝම්බයක් සහ 9.එම්.එම්.වර්ගයේ  උණ්ඩ හයක්  සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙම ගරාජය පිටුපස ඉඩමේ අවි ආයුධ සඟවා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් පරික්ෂා කිරිමේදි ගරාජය පිටුපස ඉඩමේ අඩි තුනක් පමණ දිග එස්ලෝන් බටයක සඟවා තිබු මෙම අත් බෝම්බය සහ උණ්ඩ සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෙම ගරාජ හිමියා වසර හතළිහක් තිස්සේ මෙම ස්ථානයේ ගරාජය පවත්වාගෙන යන අතර මෙය කිසියම් පුද්ගලයෙකු විසින් සඟවා ගොස් ඇති බවට සැකකරණ බවයි.