(ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්  හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

වර්ශාවත් සමග මෙසේ විශාල ගල්පර්වත දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (7) පස්වරු 6.30 ට ධාවනය වීමට නියමිතව ඇති අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ප්‍රමාද වනබවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය දැනට ඔහිය දුම්රිය ස්ථානයේ නවතා තබා තිබෙන බවද දුම්රිය පාලන මැදිරිය සදහන් කර සිටියේය .

දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගල්පර්වත ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් සහ යුධ හමුදා නිළධාරින් යොදවා ඉවත් කිරිමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.