(ඉන්දිකා  රාමනායක)

ගල්නෑව පොලිසියේ රථ වාහන අංශයේදී  පොලිස් කොස්තාපල්වරයෙකු සමග බහින්බස්වී  ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම රාජකාරී කරමින් සිටී කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයාගේ මිතුරෙකු වන වඩුක්කොඩඩෙයි පොලිසියේ  රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු  බීමතින් යතුරුපැදියක් පැදවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවද පොලිසිය පවසයි.

ගල්නෑව පොලිසියේ  කණ්ඩායමක් ඊයේ  (25) රාත්‍රියේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී.  බීමතින් යතුරුපැදියක් පැදවීමේ චෝදනා මත වඩුක්කොඩෙයි පොලිසියේ රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් එම පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු ඔහුගේ මිතුරෙකු වන  එම පොලිසියේ රාජකාරී කරන  කොස්තාපල්වරයෙකු සිද්ධියට විරෝධය දක්වමින්  රථවාහන අංශය වෙත ගොස් එහි සිටි කොස්තාපල්වරයකු සමඟ බහින්බස් වී ඇති අතර  සිය මිතුරා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළකර ඇති ඔහු   මිතුරා අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස  පහර දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පහර දීමෙන් රථවාහන අංශයේ එම කොස්තාපල්වරයා තුවාල ලබා ගල්නෑව රෝහලට ඇතුළත් කර ඇත.