(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් වූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් කමිටු 5ක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. .
විවිධ ක්ෂේත්‍ර සහ අංශවලට සිදු වූ පාඩු හා අලාභ වෙන වෙනම තක්සේරු කිරීම සඳහා මෙම කමිටු පහ පත්කළ බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මෙයට අමතරව නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නීතිමය ක්‍රියාවලිය සඳහා නීතිපතිවරයාට සහය දැක්වීමට දමෙම කමිටු පහ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
මෙම කමිටු පහ සිය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .
මේ අතර නෞකාවේ සුන්බුන්වලින් පරිසරයට සිදු වූ පාඩුව මිල කළ නොහැකි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර ඇමති මහින්ද අමරවීර කියන්නේ පරිසරයට වෙච්ච හානිය මිල කළ නොහැකියි කියලා. දැන් මෙයා කියනවා මේ පාඩුව තක්සේරු කරන්න කමිටු පහක් පත්කරලයි කියලා... ඉතින් මේ ගැන මොනවා කියන්නද..? අපේ රටේ ඉතිහාසයේ මේ කමිටු, කොමිසම් සභාවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මුදල් නාස්ති පමණයි. ශ්‍රී කොතට කාපට් දැම්මටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කමිටුවක් පත් කළා නේද? මොකද වුනේ..?
ඔව් ඒක හොඳයි. කමිටු වාර්තාව එනකොට ආණ්ඩුවේ කාලේ ඉවර වෙලා තියෙයි. කමිටු සාමාජිකයන් ජීවත් වෙන්නත් ඕනෑනේ...
නැවේ ගින්නක් තියෙනවා කියලා දැනගත්ත මොහොතේම ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇදගෙන ගිහින් දැම්මානම් ඉවරයිනේ. ගින්න වැඩි වෙනකම්ම හිටියා අදින්න. දැන් කමිටු 5ක් දාලා අරවා මෙව්වා හොයන්න. ඒවායේ අයගේ වියදම්වලටම මදිවෙයි හම්බවෙන වන්දියත්... හැම එහෙකටම කමිටු... ඒවායින් වුණු දෙයක් නම් තාම නෑ. ඔයාලත් කොටාගෙන යන්න බලන්න එහෙම මතක කමිටු කීපයක්...
මේ අලි සබ්රිලා අමරවීරලා මේ වෙච්ච විනාශය ගැන කොහොම තක්සේරුවක් කරන්නද? විහිළු කතා...
කමිටු පහේ ඈයෝ එකට එක්කහුවෙලා අරින ඈනුම් සහ වාතවලින් වන පරිසර හානිය මීට වඩා ලොකුවෙයි
කමිටු මොකටද? මගේ ලස්සන රට මේ රාජපක්ෂලා කාලාම දැම්මා. අපේ මුහුදු පිරිසිදු වෙන්න අවුරුදු 5කට වඩා වැඩියෙන් යාවි... සොබාදහමම පඩිසන් දේවි...
නැවෙන් වූ පාඩුවට වඩා පාඩුවක් ඔය කොමිටි 05 දැම්මොත්... කළින් කේස් වලට දාපු කොමිටිවල ප්‍රගතිය කෝ... අපේ සල්ලි කෑවා..