IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගාලගෝට්ටි මැද ගලඋඩ සටනේ ජය මාලිමාවට

( ජේ.කේ.එල්. චාමින්ද , ඩී ජී සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මහනගර සභාවේ  නගරාධිපතිවරයා   ලෙස  ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන   අද (20) පැවති  මංගල සභා රැස්විමේ දි තේරිපත්විය.

උපනගරාධිපතිවරය වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රියන්ත සහබන්දු  මහතා නිතරතරගයෙන් තේරී පත්විය.

ගාල්ල මහනගර සභාවේ   මංගල  රැස්විම  දකුණු පළාත්  පළාත් පාලන කොමසාරිස්  එරන්දි  උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  අද  (20) පෙරවරු 9.00   ගාල්ල මහනගර සභාවේ  සභා රැස්විම් ශාලාවේ දි පැවැත්විණි.

මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමග ජන බලවේගය විසින්    නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් මහතාගෙ නම යෝජනා කරනු ලැබීය.

ජාතික ජන බලවේගය විසින් නකරාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රී ඇල්විටිගල ඉහළ ගමගේ.සුනිල් මහතාගේ නම යෝජනා කරනු ලැබීය.

නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස්  ඡන්දයකින්ද  විවෘත ඡන්දයකින්ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී  රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සසහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

විවෘත  ඡන්දයක්  පැවැත්වීම සඳහා සභිකයින් 17 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

මෙයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ. මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ   සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය.

නැවත සභා රැස්වීම ආරම්භවීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ  ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.

මෙම ගාලගෝට්ටි හේතුවෙන්  ගර්භය තුළට විශේෂ පොලිස් බල ඇණියක් කැඳවිමට ද සිදුවිය.

(ඡායාරූප : ඩී.ජී.සුගතපාල)



අදහස් (1)

ගාලගෝට්ටි මැද ගලඋඩ සටනේ ජය මාලිමාවට

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Friday, 20 June 2025 03:24 PM

දැන් පොහොට්ටුවේ ඉන්නේ හොරු නෙමෙයිද? මාලිමාවේ රෙදි නෑ. ඩෝබිලා වහාම සේවයට වාර්තා කරන්න.

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 537 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1690 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site