
(ගයාන් සූරිය ආරච්චි)
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව නූරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පල්ලෙබාග, කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි පහන් සංකල්ප නැමැති අවුරුදු 11ක සිසුවකු බව පොලිසිය පවසයි.
මෙම සිසුවා පදිංචි නිවස ආසන්නයේ කන්දක් පිහිටා ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී සිසුවා නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිට ඇති අතර කඳු මුදුනේ සිට පෙරළි ආ ගලක් සිසුවාගේ හිසට වැදීම හේතුවෙන් බරපතළ තුවාල සිදුවීමෙන් අනතුරුව රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේදී සිසුවාගේ පියා කඳු බෑවුම එළිපෙහෙළි කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ කරන ගොන් තාත්තලා ඕනතරම් සමාජේ ඉන්නවා. නමට තාත්තලා.