
(මනෝප්‍රිය ගුණසේකර)
ගල්ඔය සහ රොටවැව ප්‍රදේශයේදී අලි දෙදෙනකු සහ පැටවුන් 4 දෙනකු දුම්රියක ගැටී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) ගොනු කළේය.
වනඅලි දුම්රියේ ගැටී මරණයට පත්විම වැළැක්වීම සඳහා අවශ්‍ය මාර්ග උපදේශන මාලාවක් සකස් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ වනජීවී අධ්‍යක්‍ෂජනරාල්වරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ ජීවත්වන වන අලියා ආසියානු අලියාගේ උප විශේෂයක් බවත් එම අලියා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සත්වයකු බවත් ලංකාවේ ජීවත්වන වන අලියා වඳවීමේ තර්ජනයට දැඩිව ලක්වී සිටින බවත් සඳහන් කරන පෙත්සම්කරු විවිධ හදිසි අනතුරු හේතූවෙන් අලි ගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්ඔය අලි මරණ ගැන විමර්ශනයක් පෙත්සමකින් ඉල්ලයි