
(සුජිත් හේවාජුලිගේ)
ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ .
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟව තිබුණ ද ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව ආශ්‍රිතව මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබාගත යුතු ලබා ගත යුතුව තිබුණ.
එහෙත් ඒ සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාලසීමාව දීර්ඝ නොකිරීම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔය ව්‍යපෘතිය කල් යන හින්දා කරලා තිබ්බා නම් වාර්තාව ලියන්නේ අහවල් සංවිධානයේ අනුමැතියක් ලබාගෙන නැතුව මෙන්න මහා වැරැද්දක් කරලා කියලා නේද?
ඕක කරලා තිබ්බා නම් ඕකෙනුත් 80%ක් පමණ කොමිස් ගහලා අපට දැන් ණය සමග පොලී ගෙවන්න වෙනවා. ඕක නොකළ එක ඉතා හොඳයි. රටේ තෙල් නැතිවුණොත් වරායවල් හදලා ඵලක් තිබේද?