
සමිපත් ප්‍රියනන්දන
පුරාතන ශිලා යුගයේ මානවයන් භාවිත කළ බව කියන ගල් ආයුධ සොයා ගැනිමට පුරාවිද්‍යා පරික්ෂකයෝ පිරිසක් කණ්ඩායමක් සමත් වූහ.
සති දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ එම කැණිමිවලින් මධ්‍ය ශිලා යුගයට අයත් ක්ෂද්‍ර ශිලා මෙවලම් මෙන්ම පුරාතන ශිලා යුගයට අයත් කලුගල් පාෂාණයෙන් නිමවන ලද විශාල ප්‍රමාණයේ ශිලා මෙවලම් ( සෙ.මි.27 ක් පමණ ) කිහිපයක් අණාවරණය කර ගැනිමට එම පර්යේෂකයන්ට හැකියාව ලැබි ඇත.
ඉකුත් 27 වැනිදා එම කැණීම් සිදු කිරිම ආරම්භ කර ඇති අතර සති දෙකක පමණ ඉතා කෙටි කාලයකදි මෙම මෙවලම් සොයා ගැනිමට සමත්ව තිබෙි.
2013 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරගල ප්‍රධාන ගුහා සංකිිරණයේ සිදුකරන ලද ප්‍රග් ඓතිහාසික කැණිමෙන් මධ්‍ය ශිලා යුගයට අයත් වසර (4000-15000) පැරණි ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා අනෙකුත් සංස්කෘතික ද්‍රව්‍ය හමු වි තිබුණ අතර මෙවර සොයාගත් මෙවලම් එයට වඩා පැරණි බවට හදුනාගෙන තිබේ.
ප්‍රවීන ප්‍රග් ඓතිහාසික පුරා විද්‍යඥයකු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණිමි අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේදා මහතගේ නිරික්ෂණ අනුව මෙම ශිලා මෙවලම් නිෂ්චිතවම පහළ පුරාතන ශිලා යුගයට අයත් බවට තහවුරු කරගෙන තිබෙි.එම ශිලා මෙවලම් ගොන්න අතර තනි පැත්තක් මුවහත් කරන ලද උල් ආයුධ ,අත් පොරෝ,මිටි ආයුධ ඇති අතර මෙම සොයා ගැනිම දකුණු ආසියාතික ප්‍රග් ඉතිහාසයේ විප්ලවිය වෙනසක් නිරැපණය කරන බවද වැඩිදුරත් අණාවරණය කරගෙන තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ ,සහකාර අධ්‍යක්ෂ (කැණීම් )පි.එස්.කේ.පෝරඹගේ මහතාගේ හා සහකාර අධ්‍යක්ෂ (රත්නපුර )හේමමාලි විජේසිංහ මෙනවියගේ අධික්ෂණය යටතේ කැණිමි අංශභාර නිළධාරි සේනක චන්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවිමෙන් සදුන් දිිපාල් , මහේෂ් කුලතුංග ,ධනුෂ්ක ප්‍රියන්ත ,ශාන්තලාල් යන සේවක මහත්වරැන්ගේ සහභාගිත්වයෙන් මෙම කැණීම් සිදු කර මෙම මෙවලම් සෙයා ගෙන තිබෙන අතර කලාපභාර නිළධාරි අනිත් බණ්ඩාර මහතා ඇතුළු කුරගල ගල්ටැමියාය පුරාවිද්‍යා ස්ථානවල සේවක මහතුන් විසින් මෙම කැණිමි කටයුතු සදහා සහය දක්වා තිබෙි.ෙ
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් යුගයේ ආයුද කූරගලින් හමුවේ