
(අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි වසර වලදී ගල් අඟුරු බල ශක්තියෙන් ඉවත් වීමට රජය සැලසුම් කර තිබෙන බවද විජයවර්ධන මහතා කීය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) දෙවන ලේකම් ලාරා ස්වෙඉන්සන් (Lara Sveinsson), දෙවන ලේකම් සොෆී ගෝර්ඩන් (Sophie Gordon) සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගරු රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණු අතර එහිදී විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ලංකාවෙි දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ඉක්මනින් පිහිටුවීම සහ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කටයුතු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙහිදී කීවෙි ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාවෙන්නේ කොහෙන්ද කියන්නකෝ, ලංකාවේ ඕක වෙනකොට මෙතුමාගේ තුන්වන පරම්පරාව විතර වෙයි. මාමලා, බෑනලා හීන බලනවා...
රුවන් විජයවර්ධන මහතා නොදන්නා විෂයන් ගැන කතානොකර සිටියානම් වඩාත් හොඳය. හයිඩ්‍රජන් භාවිතකර මහා පරිමාණයෙන් විදුලිය නිපදවන රටක් නැත. හයිඩ්‍රජන් නිපදවීමටද විදුලිය අවශ්‍යයි. මනුස්සයෙකුට ගෙදර වහලයේ solar panel ටිකක් දාගන්න තියෙන අවහිරතා ඉවත්කරන්නේ නැතුව කරන්න බැරි දේවල් ගැන බොරුවට පච කෙලිනවා.
හයිඩ්‍රජන් හදන්න ගල්අඟුරු ගේන්න වෙයි ඊලඟට !!!