IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්

(අංජුල මහික වීරරත්න)

ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට  රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන්  විජයවර්ධන මහතා පැවසීය.

ඉදිරි වසර වලදී ගල් අඟුරු බල ශක්තියෙන්  ඉවත් වීමට රජය සැලසුම් කර තිබෙන බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) දෙවන ලේකම් ලාරා ස්වෙඉන්සන් (Lara Sveinsson), දෙවන ලේකම් සොෆී ගෝර්ඩන් (Sophie Gordon) සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගරු රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණු අතර එහිදී විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ලංකාවෙි දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ඉක්මනින් පිහිටුවීම සහ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කටයුතු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

 ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙහිදී කීවෙි ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි



අදහස් (3)

ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්

සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:59 PM

හිනාවෙන්නේ කොහෙන්ද කියන්නකෝ, ලංකාවේ ඕක වෙනකොට මෙතුමාගේ තුන්වන පරම්පරාව විතර වෙයි. මාමලා, බෑනලා හීන බලනවා...

:       0       0

දමින්ද Tuesday, 07 February 2023 09:36 PM

රුවන් විජයවර්ධන මහතා නොදන්නා විෂයන් ගැන කතානොකර සිටියානම් වඩාත් හොඳය. හයිඩ්‍රජන් භාවිතකර මහා පරිමාණයෙන් විදුලිය නිපදවන රටක් නැත. හයිඩ්‍රජන් නිපදවීමටද විදුලිය අවශ්‍යයි. මනුස්සයෙකුට ගෙදර වහලයේ solar panel ටිකක් දාගන්න තියෙන අවහිරතා ඉවත්කරන්නේ නැතුව කරන්න බැරි දේවල් ගැන බොරුවට පච කෙලිනවා.

:       1       0

Lslla Wednesday, 08 February 2023 01:08 AM

හයිඩ්‍රජන් හදන්න ගල්අඟුරු ගේන්න වෙයි ඊලඟට !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site