
(අමදෝරැ අමරජීව )
ත්‍රිකුණාමලය වරායේ සිට චිනවරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රැගෙන යන ගල් අඟුරැ පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරැ හැලී යැම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගි ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
ත්‍රිකුණාමලය වරායේදි ගොඩබාන ගල් අඟුරැ ටිපර් රථ වලට පැටවිය හැකි සිමාවට වඩා පටවන අතර එම අඟුරැ අවට පරිසරයට මුසුවිම වැලැක්වීමට ටෙන්ට් රෙදිවලින් වසාගෙන යැම නියමය වුවත් වැඩිපුර පැටවිමේදි එම ගල් අඟුරැ මහා මර්ගයේ තැනින් තැන හැලි යැම සිදුවන අයුරැ මේ දිනවල දැකිය හැකි බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.
මහා මාර්ගයේ වැටි ඇති ගල් අඟුරැ මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන වලට යටවි කුඩුවන අතර මාර්ගයේ ගමන් කරන සෙසු වාහන වලින් මෙම ගල් අඟුරැ කුඩු අවට පරිසරයට මුසුවිම සිදුවේ.මේ හේතුවෙන් මාර්ගය දෙපස පදිංචිකරුවන්ට බලවත් සෞඛ්‍ය ගැටළු රැසක් මතුවන බව ඔවුන් පවසයි.භයානක ස්වසන රෝගවලට මෙය අත වැනීමක් බව කියන ප්‍රදේශවාසීන් මෙය නතර නොවන්නේ නම් තමන්ට ජිවත්විමේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණයකට යැම සිදුවන බව කියයි.
මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරැ දුන් ත්‍රිකුණාමලය වරාය අධිකාරියේ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවැසුවේ ටිපර් රථවලට ගල් අඟුරැ පැටවීමේදි සිමාව ඉක්මවා පැටවිය නොහැකි බවයි.එසේ නොවන්නේද යන්න අධීක්ෂණය කිරිම සදහා වරාය ආරක්ෂක නිලධාරීන්ට දැනුවත් කරණ බවද හෙතෙම කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්පූර් ගල්අගුරැ බලාගාරයට විරැද්ධව උද්ගෝශනය කරපු උන්ට කියන්ඩ. ත්‍රිකුනාමලේ ඉදන් ලොරි වියදමයි පාරෙ හැලෙන ඒවටයි ගෙවන්නෙ පරරප්පු ඇටේ ඉදන් ගහන බදු වලින්