
(අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.
වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බව ද ප්‍රකාශ කළේය.
දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික බලපෑම්, මූල්‍යමය බලපෑම්, ප්‍රජාවට සිදුවන බලපෑම් ද සැලකිල්ලට ගෙන අහිතකර බලපැම් අවම කර ගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.
දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට සැරසෙන්න ඕන හොදේ.
පාරවල් හදන එක ආර්ථිකේට වැදගත් නෑ කියපු කාලෙකුත් තිබුණා වගේ මතකයි...
ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න නම් සුහද, ක්‍රියාශීලි, පලදයක්, අල්ලසින් දුෂණයෙන් තොර, රාජ්‍ය සේවයක් තිබෙන්නේ ඕනේ, අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයෝ සිටියත්, එහෙම සේවයක් මහජනයාට ලැබෙන්නේ නැහැ. රජයේ සේවයේ රැඩිකල් වෙනසක් නොකර මේ සේවක මඩුල්ලම මේ විදිහට තියාගෙන ඉදිරියට ගියොත්, ආර්ථිකය දියුණු කරන්න අනුර කුමාර නොවේ විජේවීර සහෝදරයා වලෙන් නැගිටලා ආවත් බැහැ...
මේ පින්තූර වල ඉන්න සමහර නිලධාරීන් සිටින ආකාරයෙන් පුළුවන් ඔවුන්ගේ හිත කියවන්න. ඔවුන් සමහරු ඉන්නේ අත්දෙක පපුවට බැඳගෙන... ඒකෙන් කියැවෙන්නේ ඔවුන් ජනාධිපති ප්‍රකාශ කරන දේවල්වලට විරුද්ධ මතයක් දරන බව, සම්පූර්ණ වීඩියෝ එක බැලුවා නම් මට පුළුවන්..., මේක හොඳට ඇනලයිස් කරන්න..
තඹුත්තේගම අනුර කතා කරන්නේ ශ්‍රමදානයෙන් හදන ගමේ බොරලූ පාරවල් ගැන ! මෙයා දන්නා අධිවේගී මාර්ග තාක්ෂණය...!