(අංජුල මහික වීරරත්න)

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුම් ලබා දීම සඳහා නව සේවා ව්‍යවස්ථාව හඳුන්වා දුන් බව කීය.