IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි මහා නායක නා හිමියන් අද(27) බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඔවුන් දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය. 

මෙම අර්බුදය සමස්ත ගුරු සේවයේම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැලලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.

එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් වල පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.



අදහස් (21)

ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි

සදුන් Thursday, 27 June 2024 03:19 PM

සිංහලයා තමුන්ගෙම වල කපා ගන්නවා, උඩින් දම් තියෙන යටින් රතු තියෙන පක්ෂයක් බලයට ආවොත් ආගමත් ඉවරයි

:       180       346

Pinjana Thursday, 27 June 2024 03:23 PM

ප්‍රශ්න නොවිසඳා, වෙට්ටු දැම්මොත් කන්නේ අම්බානක. උඹේ දේශපාලුවන්ට දෙන්න සල්ලි කෝටි 167ක් වෙන්කර ගත්තා. තමුන්ගේ දාඩිය, මහන්සි යෙන්, දැනුමෙන් හම්බ කරන උන්ට හරියට වේතනය දෙන්න බෑ. ඔය කහකඩයෝ පිරිත් නූල් බඳින විතරයි දනා, ගහපිය මූට මළ පහ යන්න

:       281       191

සුදත්Thursday, 27 June 2024 03:48 PM

ඔයා ජේවීපී නේද? හාමුදුරුවරුන්ට කහකඩයො කියන්නෙ ඒකනෙ. ඔබලා බලයට ආවොත් මේ රට ආගමිකව අන්තෙටම පිරිහෙනව, මේ රටේ අදටත් බුදු දහම රැකෙනව, ආගම දහමට ගරු නොකරන පක්ශයක් මේ රටේ බලයට එන්නෙ නැහැ.

:       1       5

සනත් Thursday, 27 June 2024 08:41 PM

Pinjana, ඔයාලාට පස්සේ සිවුරු දාගෙන යන අය හොඳයි.. හැබැයි ඔබලාට විරුද්ධව කතාකළොත් කහකඩයින්... රටේ නායකයින්ට හැමදාම අනුසාසනා කළා.. ගරුතර සංඝරත්නය.. මේ රටේ ආගම, ජාතිය වැඩියෙන්ම නැතිකලේ ජෙප්පොයි පෙරෙට්ටොයි. මේ ස්ටාලින් කරන්නෙත් ඒකමයි. මාලිමාවට ජය පතන අයත් මේවා හිතට ගනිත්වා...!

:       0       1

Bandula Thursday, 27 June 2024 03:35 PM

මෙය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීම ඉතා වැදගත් . ළමයින්ගේ අනාගතය සදහා.

:       26       243

අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 03:37 PM

ඔයා පුළුවන් නම් ගුරු සේවය අතවශ්‍ය කරලා බලන්නකෝ, එහෙම කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද බලන්න, වැඩ බැරි පින් ජනපතිගේ මෝඩ උද්දච්ච සිතුවිලි.

:       184       115

Jayasiri Jayasingha Thursday, 27 June 2024 03:52 PM

1971 කාලයේ පාසල් කාර්‍යාල ගිනිබත් කරමින් අධ්‍යාපනය අඩාල කිරීමට මුල් කාලයේ ජෙප්පො කටයුතු කලා .උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක මහා විද්‍යාලය පෙන්වා දෙන්න පුළුවන්. දැන් නම වෙනස්කර මාලිමාව නමින් ඉන්නෙත් 1971 පාසල් ගිනිතබා විනාශ කල පිරිසේ අයම තමයි. උන්දැලා කොහොමත් දරුවන්ට අධ්‍යාපනය දෙනවාට කෙසේවත් කැමති නැහැ. ගුරුවරු වර්ජනය කරනවා කියලා ගෙවල්වල ඉදගෙන පුද්ගලික කටයුතු කරනවා කියලා ආරංචියක් ලැබුනා එක් ගුරුවරයෙක් පතලක මැණික් ගැරීමට ගියා කියලා කතාවකුත් අහන්න ලැබුනා

:       1       5

thushara Thursday, 27 June 2024 03:55 PM

ලෝකෙන්ම ගුරුවරුන්ට අඩුවෙන්ම වැටුප් ගෙවන රට ලංකාව

:       2       1

Rata Perata Thursday, 27 June 2024 04:03 PM

ඡන්දෙන් පරද්දලා ගෙදර යවපු කෙනෙක් ගෙනැල්ලා රටට කරපු විනාශයේ සාපයෙන් පොහොට්ටුවන්ට ගැලවෙන්න බෑ....

:       22       10

ජයනාත් Thursday, 27 June 2024 04:12 PM

පොඩි ප්‍රශ්නයක්. පන්තිවල බලෙන් උගන්වන්න පුළුවන්ද?

:       12       17

ජයනාත් Thursday, 27 June 2024 04:14 PM

කැම්පස් වහලා තිබුණාට කමක් නැතිද?

:       9       19

රංබොඩ Thursday, 27 June 2024 04:21 PM

රටේ වැඩ වර්ජන කියන්නේ අතීසාරය වගේ... ඉවරයක්ම නෑ. වෘත්තිය සමිති අටවාගෙන කරන්නේම ඕක නේ. ඒවාට නම් තදින් සිටිය යුතුයි... ඊළඟට එන ජනාධිපතිවරයාටත් ආදර්ශයක් වෙන්නත් එක්කම..

:       16       29

Prasa Thursday, 27 June 2024 04:51 PM

ගොබ්බ කතාවක්. ගුරුවරුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඉස්සෙල්ලා.!

:       28       28

දිමුත් Thursday, 27 June 2024 05:07 PM

දෙමව්පියන් විදියට අපේ සහාය ඒ තීරණයට...!

:       18       38

Nimal Jayasiri Thursday, 27 June 2024 06:08 PM

ජෝසප් ස්ටාලින් හිරේ දාපියව්... මෙයා සුද්දන්ගේ පස්සේ යන ආගමික අන්තවාදියෙක්...

:       18       29

නිලන්ත Thursday, 27 June 2024 06:48 PM

මෙයා හාමුදුරුවෝ හම්බවෙන්න ගියෙ හෙලිකොප්ටර් එකේද? මෙයා කාර්‍යාලයයට යද්දි වාහන පනහක් එක්ක ඇම්බ්‍යුලන්ස් එකකුත් ගියාට ටොයිලට් එකක්වත් නැති ඉස්කෝල කීයක් තියෙනවද? හෙංචයියන්ට බිලියන ගණන් කපපු ණය වලින් ගුරුවරුන්ගෙ පඩි ගෙවන්න තිබ්බා

:       2       1

ඇන්ඩ්රු සෙබඩවිල Thursday, 27 June 2024 07:24 PM

මොණරවිල විදුහල්පතිවරුනි , ගුරු මෑනිවරුනි, පියවරුනි, ඉවසන්න. තව පෝය කීපයයිනේ. ජාජබ රජයක් මග. ඔවුන් මේ මොහොතේ ඔබ උසි ගැන්නුවාට ඔවුන්ගේ රජයක් යටතේ ඔබගේ පඩි ශ්‍රී ලංකා මහා බැංකුවේ කාකාසවරුන්ගේ තත්වයට වත් ගෙනෙනු ඇත. කොවිඩ් කාලයේ ද වර්ජන කරමින් රට අරාජික කිරීමටත් අවසානයේ ඒකාධිපති ගෝටා පන්නා දමා රනිල් බලයට ගෙනෙන්නට ඔබ ජාජබෙට දුන් ශක්තිය ඔවුන් අමතක නොකරනු ඇත.

:       1       2

Hira Thursday, 27 June 2024 09:20 PM

ජෝෂප් ස්ටාලින් නොපෙනෙන දෙවියන් පස්සේ යන මිථ්‍යා දෘෂ්ඨිකයෙක්... මෙයා සිංහල ළමයින්ගේ පමණක් අධ්‍යාපනය කඩාකප්පල් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව ගැඹුරින් හිතන්න.

:       0       2

Haritha Friday, 28 June 2024 01:27 AM

සියලුම යූනියන් තහනම් කල යුතුයි

:       1       1

Chandima Friday, 28 June 2024 04:49 AM

පිනා ඔයා ගෙදර ගියානම් මේ සේරම ඉවරයිනේ ?පස්සේ ඕන නම් චන්දෙකින් දිනලා එන්න

:       2       1

Lakmal Friday, 28 June 2024 08:31 AM

මුඩුමයා කටට එන කතා ඔක්කොම කියලා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site