
(අංජුල මහික වීරරත්න)
දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියාතික කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයං මූල්‍යන ආයතනයක් ලෙස පිහිටුවා තිබේ.
එම මධ්‍යස්ථානය මඟින් ඉටු කළ යුතු කාර්යයන් යාවත්කාලීන කිරීම සඳහා එහි කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ හවුල්කාරීත්වයන් ස්ථාපිත කරගැනීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව, ගුණාත්මකභාවයෙන් හෙබි මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ නව පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම මඟින් කලාපීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම හා 2030 තිරසර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයේ දක්වා ඇති ඉලක්ක ඇතුළුව ජාතික සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියා කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.
යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසර ලැබී ඇත.
එකී ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 04
756
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක්