( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය.
එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා අද (8) පස්වරුවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට ශිෂ්‍යයාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ශිෂ්‍යයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිලයකි..