IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගුරා අල්ලස් දැලේ පැටලේ

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය.

එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා අද (8) පස්වරුවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට ශිෂ්‍යයාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර ශිෂ්‍යයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

 



අදහස් (1)

ගුරා අල්ලස් දැලේ පැටලේ

ana Thursday, 09 February 2023 07:39 AM

පිලිලයකි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site