
(සුජිත් හේවාජුලිගේ)
ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට ගෙයින් ගෙට යන බවට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන කොමිසම විවිධ ආරවුල් ඇතිවීමටද එය ප්‍රධාන හේතුවක් බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාව විතරයි අපේ පැත්තෙනම් කැන්වසින් කරන්නෙ.. අනිත් කිසිම පක්ෂෙකට රෙද්දක් ඇඳගෙන යන්ඩත් බෑනෙ ගෙවල් වලට.. හිතට එකඟව කොහොමද හොරුන්ට කැන්වසින් කරන්නෙ
මැකෝ මේ නීති දාන්න තිබුනේ මීට මාස කීපෙකට පෙරදියි. ජේවීපී කාරයෝ බස් දාලා පිට පළාත්වලින් සාමාජිකයෝ ගෙන්නලා රතු ටී ෂර්ට් ඇඳන් සේනා පිටින් ගෙවල් වලට කඩා පැනලා කැන්වසින් කරනවා අනියමින් චන්ද දායකයන්ට තර්ජනය කරමින්. චන්ද දායකයෝ ඒ අයව දැකලත් නෑ. මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධියි වගේම චන්ද දායකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක්. නමුත් ඒක නවත්වන්න කෙනෙක් හිටියේ නෑ.
ගෑස් සිලින්ඩරේට වැඩේ හොඳයි. කැන්වසින් යන්න දෙන්නෙක්වත් හොයාගන්න බැරුව ඉන්නේ. සල්ලි දීලාද දන්නේ නෑ... වැටවල්වලින්, තාප්ප, ගේට්ටු උඩින් වැස්ස දවස්වල කොළ විසිකරලා ගිහිල්ලා ඔක්කෝම වැස්සට තෙමිලා කියවා ගන්නත් බැරි වුණා...