
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂඥ වෛද්‍යවරුන් 3791 දෙනකු 2020 සිට 2025 වර්ෂය දක්වා අවුරුදු පහේදී විදේශගතවී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.
වැඩි පිරිසක් ගොස් ඇත්තේ පශ්චාත් උපාධි සම්පූර්ණ කර ගැනීමට බවද ඔහු කීවේය.
අනෙක් පිරිස විදේශ රැකියා, කලත්‍රයා සමග විදේශගතවීම්, විවිධ අධ්‍යාපන කටයුතු, මද සරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම යනාදී අවශ්‍යතා සඳහා පිටව ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
විදේශගතවීම සඳහා මේ වසරේ මේ දක්වා වෛද්‍යවරුන් 280 දෙනෙකු ඉල්ලීම් කර ඇතැයිද ඔහු කීය.
මේ අතර වෛද්‍යවරුන් 1429 දෙනෙකු 2020 සිට 2026 ජුනි දක්වා කාලයේදී විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් එකසිය හතළිස් දෙනකු මේ කාලයේදී විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති බවත් හංසක විජේමුණි මහතා කීවේය.
වෛද්‍යවරුන් සේවය හැර යෑම් මෙන්ම ඉල්ලා අස්වීමෙන් පසු රට යෑම් පිළිබඳව අමාත්‍යාංශයට තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව ඔහු පැවසීය
වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා රජය විවිධ පියවර ගෙන ඇති බවත් වෛද්‍යවරුන්ට මෙරට සේවය කිරීම සඳහා සුදුසු පරිසර තත්වයක් ඇති කිරීමට එහිදී විශේෂ අවධානය යොමු වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
වෛද්‍යවරුන්ගේ දීමනා, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ විජේමුණි මහතා මේ සම්බන්ධයෙන් ලැබී ඇති නව යෝජනා අධ්‍යයනය කරගෙන යන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd