
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (5) රාත්‍රී ඇති වූ නොසන්සුන් කාරී තත්ත්වයට සම්බන්ධ බව කියන රැදවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ සී ගජ නායක මහතා පැවසීය.
බන්ධනාගාරයේ 'ඊ' වාට්ටුවේ ඊයේ රාත්‍රී ඇති වූ ගැටුමෙන් 11 දෙනකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවද ගජ නායක මහතා කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාතාල පලි ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර තුළ සිටින සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ රැඳවියන් අතර මෙලෙස ගැටුම් ඇතිව තිබූ බවට බන්ධනාගාර විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රිය ඇති වූූ ගැටුමෙන් මේස පුටු ඇතුළු ගෝ භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්ප්රකාශකවරයා කියා සිටියේ අමුත්තන් බැලීමට ඇති අවස්ථාව දින දෙකකින් පමණක් කල් යා හැකි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd