
(නිමල කොඩිතුවක්කු)
ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී පැවසීය.
ඇතැම් පිරිස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වන බවත් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළෙ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර පොතුවිල් සහ සමන්තුරේ ප්‍රදේශවල පැවති ජනාමුවලදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
බියර් පර්මිට් වයින් ස්ටෝස්වලට පගාවට සල්ලිවලට ජනතා වරම විකුණා දැමු පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීමට පවතින නීති ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
අප රට නිදහස් රටක් වුවත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී ඇති සියලු ම ජනතාව එකට එකතු අවස්ථාව සැප්තැම්බර් 21 නිර්මාණය වන බවත් එකමුතුභාවයෙන් ජාතික සමගියෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වයෙන් එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික මර උගුලක පැටලී ජනතාව විනාශයකට ලක්ව ඇති තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනය ඇති දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සතු නිසා විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ඇතුළු ජනතාවගෙ ඉඩම් ගැටලුවට විසදුම් ලබා දීම සදහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කර ඒ හරහා ලංකාවෙම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනික් දිස්ත්‍රික්කවල ජනතාවට හානි නොවන ආකාරයට හැඩ ඔය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කර ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දී නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දී නැවත වරක් ගම් උදා යුගය බිහි කරන බවත් ඔහු සඳහන් කළේය.
ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න සමෘද්ධිය ජනසවිය අස්වැසුම ආදී වැඩසටහන් හි හොද ගුණාංග එක් කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ මාස 24 ක් තුළ මාස්පතා රු.20000 බැගින් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පලස්තීන ජනතාව වෙනුවෙන් තමා පෙනී සිටිනවා සේම ආදාහන භුමදාන ගැටලුවේදී මුස්ලම් ජනතාවට බලපෑම් කළ සියලු දෙනාට වන්දි ගෙවන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මජුබර් රහුමාන්, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවත් කියන්නවත් හිතෙන්නේ නෑ පව් බං සජිත්...
ගෙම්බෝ ඔක්කොම එයා ළඟ...
ගෙම්බෝ වට කරගෙන කියන්නේ...
එතකොට මෙයා ළඟට ඇවිත් ඉන්නේ ඉබ්බෝ වෙන්න ඇති. සුපුරුදු ලෙස ජනාධිපතිවරණය ළං වෙද්දී තව රස කතා කියන්න. දවසට එක ගානේ. හී හී. ඔයා ජනපති වෙන් නෑ.. ඒක අනිවාර්යයි...
ඒක ඔහේට ඉස්සරවෙලා හරිනි සහෝදරී මෙනෙවිය කිව්වා කියලා මතකයි. උන්නැහේ අනුන් කියපු දේ කියන්න ලැජ්ජාවක් නැද්ද?
බොරු බයිලා ගහන්න එපා. වැඩිපුරම ගෙම්බෝ ඉන්නේ ඔයා ළඟ සජිත් මහත්තයෝ.
මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ සජිත් මහතා අසලින් වාඩිවී සිටින්නේ ද නොම්මර එකේ ගෙම්බන් දෙදෙනෙක් වීමයි. එසේම, එතුමා මේ කරන්නේ හීන්සීරුවේ ඩලස්, ජී. එල්., දයාසිරි වැනි ගෙම්බන්ටත් ටොක්ක ඇනීමද?
ගෙම්බෝ ටිකක් වටකරගෙන මේ වැදි බණ දෙසා බාන්නේ කාටද? අනුර කුමාර කියන සේරම ඔයා කියන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. මිනිස්සු හිනාවෙනවා. රටේ බුද්ධිමත් ජනතාව තමුන්ගෙන් ඈත්වෙනවා...
නාලක ගොඩහේවා ඇතුළු කණ්ඩායම ගැන අමතක වෙන්න තරම් සිහි කල්පනාවක් නැද්ද මේ අපේක්ෂක තුමාට?
ඔය මුල් පින්තුරේ, දකුණු පැත්තේ ඉන්න දෙන්නා කී පාරක් ගෙම්බෝ වගේ පැත්ත මාරුකරලා ඇමැතිකම් දැරුවාද කියලා කාටත් ඇහෙන්නේ නැතිවෙන්න අහගන්න...!
මෙයා ගාව පැනපු ගෙම්බන් කී දෙනෙක් ඉන්නවද කියලා මෙයාටත් මතක නැහැ වගේ...!
කවුරු හරි මෙයාව ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්න අයියෝ...
කියන්නේ එකක්, කරන්නේ තවත් දෙයක්. පැනපු ටික වටකරගෙනම ඒක කියන එකයි ආතල්ම වැඩේ. දැන්නම් හොඳටම ට්‍රැක්...!
මාලිමාවට ජය වේවා
ජාතික ජන බලවේගය කරන කියන ඒවාම සජිතුත් කරන්න ගිහිල්ලා අනාගෙන ඉන්නේ. කාන්තා සමුළු, රණවිරු සමුළු වගේ ඒවා. ජාජබ රුපියල් 10000/= දෙනවා කිව්වාම සජිත් 20000/= දෙනවාලු. අනුර සුළං බලයෙන් විදුලිය ගැන කිව්වාම, සුජීව සේනසිංහ ඒකම කියන්න ගිහිල්ලා අනාගත්තා...
තමුන් කටින් බතල හිටුවන එකයි කරන්නේ, ළඟටම වෙලා ඉන්නේත් එහෙට මෙහෙට පැනපු අය තමයි...?
ඔයාගාව ඉන්නේ ගෙම්බෝ නොවේද?
තුණුරුවන් සරණින් ඔබතුමාට පුළුවන් මේ රට ගොඩගන්න. ඒ සඳහා නිස්සරණාධ්‍යාසය, ඕනෑකම, කැපවීම, දැක්ම වගේම පලපුරුද්ද තිබෙනවා. ඒ ටිකට JR, R.ප්‍රේමදාස, ගාමිණී දිසානායක , ලලිත් ඇතුලත් මුදලි වගේ කෘතහස්ථ දේශපාලඥයින්ගේ යහපත් ගුණාංග ටික එකතු කරගත්තාම සහ සැබෑ බෞද්ධ නායකයකු සතු වගකීම හරි ආකාරයෙන් තේරුම්ගෙන ක්‍රියාකරන ඔබතුමාට සිංහල, දෙමළ, මුස්ලිම්... සියලුම දෙනාගේ සහ වගේම තුණුරුවනේ ආශිර්වාදය වගේම හැමෝටම නොලැබෙන සම්ම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය උපකාරය ලැබෙනවා...
ගෙම්බන්ට අපහාස කරන්න එපා... සත්ව හිංසනය යටතේ නඩු...
සජිත් මහතා කියන්නේ ආපු ගෙම්බෝටික තියාගෙන මීට පස්සේ ගෙම්බන්ට එන්න නොදෙන එක වෙන්න ඇති...!
ඒ කියන්නේ සමගි ජන සංධානයේ ඔක්කොම වහ බොන්න යනවාද?
ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට ඡන්දයක් එනවා කියන්නේ ඉතින් අවුරුදු වගේ කාලා බීලා හැම රැළියකට යනවා නිකන් බොරුවට ඔලු ගෙඩි පෙන්නලා වැඩක් නෑ... හරිම ප්‍රතිඵල සැප්තැම්බර් 21 තමයි බලන්න වෙන්නේ
මේ කථාව හෙන ආතල්...
මෙයා මරුසිරා එක්ක එකතුවෙලා කලේ ගෙම්බෝ පනිනවාට වැඩිය මරුගොසු වැඩක්නේ... නායකයාව එළවලා ඇත්ගොව්වා වෙන්න හැදුවේ... මෝඩකම කියන්නේ ඒ වෙලාවේ ලණුව කාලා පක්ෂයත් දෙකට කැඩුවා. හරි නුවණක්කාර වැඩේ කියලාද හිතුවේ... දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් බේරෙන්න කාටවත් බැහැ. ළඟදීම ඵලවිපාක ලැබෙයි ස්වභාව ධර්මයෙන්...
අනේ යන්න සජියෝ යන්න. ඔහේ හිතාගෙන ඉන්නේ රටේ ජනතාව මෝඩයි කියලාද? මෙයා හදන්නේ අපිව අතින් අල්ලාගෙන කඩේ එක්කගෙන යන්න. ඒ බොලෑගේ තාත්තාගේ කාලේ....!
ඕන්න ඕන්න මේ අදත්, ඔව් මේ අදත් උණු උණුවෙම පොහොට්ටුවේ හිටපු හෙන දාර හැල ගෙම්බෙක් මේ පැත්තට පැනලා. තාම දුමත් දානවා. අන්න මරික්කාරුයි මෙයයි මිනිහා එක්ක හරි ලව් එකකින් කදේ දාගෙන ඉන්නවා ලස්සනට පින්තුරෙකුත් තියෙනවා. මෙතන ඇවිල්ල ගෙඹි දේසපාලනේ තුරන් කරනවලු. හනේද බොල කිව්වලු.
පොහොට්ටුව එක්ක හිටපු ජගත් කුමාර එහෙනම් පනින්නේ නැතුව බඩගාගෙන එන්න ඇත්තේ.
28 වෙනිදා මෙහෙම කියලා 29 වෙනිදා තවත් ගෙම්බෝ කීපයක් අල්ලාගෙන තියෙනවා. ලැජ්ජාවක් කියලා එකක් ඇත්තේම නැද්ද මහත්තයෝ... ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා නේද? ඉතින් කියන්නේ එකක්, කොරන්නේ එකක් ජනාධිපති වෙලා මොන විකාරයක් නටයිද මන්දා...!