IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ලංකාවත්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල්  තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේය.

එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දුන්නේය.

සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.



අදහස් (7)

ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ලංකාවත්

සත්‍යපාල Monday, 10 June 2024 07:33 PM

ජෙපි රෑනට හැර අනෙකුත් සෑම ශ්‍රී ලංකිකයකුටම ඉතාමත් සතුටුදායක පුවතක්. කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ රටේ පරිසරය පිළිබඳ දක්වන ආකල්පය නම් කණගාටුදායකය.

:       7       11

Lalith Monday, 10 June 2024 09:48 PM

එහෙනම් අපේ කට්ටිය පිට රටවල නිවාඩුවට යන්නේ මොකද ?

:       9       3

Lalla Tuesday, 11 June 2024 12:56 PM

හැමෝම ලිං මැඩියො වගේ ඉන්න ඕනද?ඇවිද්ද පය දහස් වටී..

:       0       2

Lalla Monday, 10 June 2024 09:55 PM

සංචාරක ආකර්ෂණයක් කිරීමට පියවර තුනක් අත්‍යාවශ්‍යයි. පලමුව රටපුරාම සාධාරණ මිලකට පරිහරණය කල හැකි පිරිසිදු වැසිකිලි පහසුකම්. දෙවැන්න ත්‍රී රෝද රථ ටැක්සි සංචාරක ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියදුරන්ගේ ගසාකෑම නවත්තන්න මිල ගනන් නියාමනය කිරීම. තෙවනුව ජරා ආහාර අලෙවිය තහනම සහ මිල ගනන් ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම කරවීම. වෙනත් කලාපීය සංචාරක ආකර්ෂණ වල මේ කරුණු විශිෂ්ට ලෙස නියාමනය කර තියනව. මැලේ තායිලන්තය ආදියේ, ඉන්දියාව වූවත් අපට වඩා යහපත්.

:       1       20

Randika Tuesday, 11 June 2024 08:52 AM

සංචාරකයන්ට බලු වැඩ නොකර තව තවත් එන ඉදියට වැඩ කරලා ඩොලර් ටිකක් උපයමු

:       1       22

Justin Fernando Tuesday, 11 June 2024 11:26 AM

වැසිකිළි පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. බීඅයිඒ ඇතුළු සංචාරකයින්ට පහසුකම් සැලසීමට දේවල් සංවිධානය කරන්න

:       0       6

de silva berlin Tuesday, 11 June 2024 07:00 PM

සංචාරක වීසා නිකුත් කිරීමේ පටිපාටිය සහ මිල ගණන් කරුණාකර අපේ තරඟකරුවන් වන කලාපේ අනෙක් රටවල ( මාලදිවයින , ඉන්දුනීසියාව , බංගලාදේශය , වියට්නාමය ) මට්ටමට ගෙන එන්න , එහෙම කලොත් අපට ඔවුන් සමඟ තරඟ කරන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17857 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site